
දුම්රිය දෙපාර්තු-මේන්තුවට අයත් ඉඩම් අක්කර 14,129ක් අතරින් අක්කර 1500කට අධික ඉඩම් ප්‍රමාණයක් තාවකාලික බදු පදනම යටතේ බදු දීමට ප්‍රවාහන අමාත්‍යංශය තීරණය කර ඇත. පර්චසයක් රුපියල් 100 බැගින් වන මුදලකට මෙම ඉඩම් බදු දීමට යෝජනා වී ඇත.
සමස්ථ දුම්රිය ඉඩම් අතරින් දුම්රිය මාර්ග, දුම්රිය ස්ථාන හා සංවර්ධන කටයුතු සදහා අවශ්‍ය නොවන ඉඩම්ද හදුනාගෙන මේ ආකාරයෙන් බදු දීමට යෝජිතය. ඊට අදාල කැබිනට් අවසරයද ලැබී ඇති අතර පස් වසරක උපරිම කාල සීමාවකට යටත්ව රජයේ තක්සේරු මත මෙම ඉඩම් බදු දීමට යෝජිතය.
මේ ව්‍යාපෘතියේදී දැනට වගා කටයුතුවල යෙදෙන සහ අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් ප්‍රමුඛතාව හිමිවේ. දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්. ඒ. ඩී. එස්. ගුණසිංහ සදහන් කළේ ඉඩම්වල මැනීම් කටයුතු සිදුවෙමින් පවතින බවය. දුම්රිය සේවකයින් ඇතුළු බොහෝ පිරිසක් දුම්රිය ඉඩම් අනවසරයෙන් අත්පත් කර ගැනීම් සිදුකර තිබෙන බවත් එවන් පාර්ශ්ව හඳුනාගෙන දුම්රිය ඉඩම් යළි පවරා ගැනීම හෝ සුදුසු ක්‍රමවේද ඔස්සේ අදාල පාර්ශවයන්ගෙන් බදු අයකරගැනීමට පියවර ගන්නා බවද ඔහු කියා සිටියේය.
එමෙන්ම වගා සදහා බදු දීමට අවශ්‍ය කටයුතු අමාත්‍යංශ මට්ටමින් සිදුකර තිබෙන හෙයින් ඒ සදහා දිය හැකි ඉඩම් හඳුනාගැනීමටද මෙමගින් කටයුතු කරගෙන යන බවද දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා කීවේය.
(එෆ්. අස්ලම්)
Comments
Post a Comment
Your comment will be visible after approval