
දඹුල්ල පොලිස් වසමේ තිතවැල්ගොල් කොට්ටවෙල ප්‍රදේශයේ නිවසක් තුලදි ඊයේ රාත්‍රි 11.50 පමණ තියුණු ආයුධයකින් ගෙල ප්‍රදේශය කපා කාන්තාවක් මරණයට පත්කොට ඇතැයි දඹුල්ල පොලිසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ දඹුල්ල පොලිස් වසමේ කොට්ටවෙල ගමේ පදංචි අයි.ජි ගීතා කුමාරි කරුණාතිලක නම් අවුරුදු 42 වසය තිදරු මවකි.
ඇය හා ඇගේ ස්වාමියා පුරුෂයා අතර ඇතිවු බහිං බස් විමකින් පසු ස්වාමිපුරුෂයා විසින් මෙම ගාතනය සිදුකල බව මුලික පරික්ෂණ වලදි තහවුරු කරගෙන ඇත.
ගෙල කැපිමෙන් පසු පුරුෂයාද නිවසින් බැහැරව ගොස් ඇතිබව පැවසේ. එසේ යනවිට ඔහුද ගෙල වැලලා මිය යන බව පැවසු බව නිවැසියන් පවසයි
මිය ගිය කාන්තාවට පිරිමිදරුවකු හා ගැහැණු දරුවන් දෙදෙනෙකු සිටින බව පැවසේ.
කාන්තාව ඝාතනයකොට පැන ගිය පුද්ගලයා සෙවීමෙ කටයුතු මේ වන විටත් ආරම්භ කොට ඇතෙ
මේ සිද්ධිය පිලිබදව දඹුල්ල පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.
(මහින්ද උදයසිරි - දඹුල්ල)
Comments
Post a Comment
Your comment will be visible after approval