cyrus-mistry-death-former-tata-group-chairman

ඉන්දියාවේ ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති සයිරස් මිස්ට්‍රි ඉරිදා පස්වරුවේ මුම්බායි - අහමදාබාද් අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් මිය ගියේය. ඔහු ගුජරාට් ප්‍රාන්තයේ උද්වාඩා ප්‍රදේශයේ ඉදිකරන ලද පාර්සි කෝවිලට ගොස් ආපසු එමින් සිටියේය. 54 හැවිරිදි මිස්ට්‍රිගේ Mercedes GLC 220 මෝටර් රථය මහාරාෂ්ට්‍රයේ පල්ගාර් අසලදී බිහිසුණු අනතුරකට ලක්විය. චරෝති ගම්මානයේ සූර්යා ගඟේ පාලම මත මාර්ග බෙදීමේ යන්ත්‍රයක ගැටීමෙන් මෝටර් රථයේ ඉදිරිපස කොටස දැඩි ලෙස හානි වී ඇත.

මෝටර් රථය පදවා ඇත්තේ වෛද්‍යවරියක වන අනයා පැන්ඩෝල් විසින් බව මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

JM Financial හි ප්‍රධාන විධායක නිලධාරී ඩරිස් පැන්ඩෝල් ඇගේ සැමියා ඇය අසල අසුන් ගෙන සිටියේය. මිස්ත්‍රි සහ ඩේරියස්ගේ පියා ජෙහන්ගීර් පැන්ඩෝල් මෝටර් රථයේ පිටුපස අසුනේ වාඩි වී සිටියහ. මෝටර් රථයේ වේගය වේගවත්වීම නිසා වැරදි දිශාවට (වමේ සිට) වෙනත් වාහනයකට ඉස්සර කිරීමට උත්සාහ කර ඇතත්, මෝටර් රථය ඇයගේ පාලනයෙන් මිදී ඩිවයිඩරයේ ගැටී ඇත.  අනතුර සිදුවන අවස්ථාවේ එහි සිටි ඇසින් දුටු සාක්ෂිකරුවෙකුද මේ බව තහවුරු කර තිබෙයි.අනතුර අවස්ථාවේ වාහනයේ පසුපස ගිය දෙන්නාම එනම් ටාටා සභාපති හා ඩේරිස්ගේ පියා මියගොස් ඇත.

අනතුර හේතුවෙන් මෝටර් රථයේ ඉදිරිපස එයාර් බෑග් විවෘත වී ඇතත් පසුපස එයාර් බෑග් නිසි වේලාවට විවෘත නොවූ බවද විමර්ශනයේදී අනාවරණය විය. ඒවා විවෘත වූයේ නම්, සයිරස් මිස්ත්‍රිට බේරෙන්නට තිබුණි. අත්පොතට අනුව, Mercedes GLC 220d අවම වශයෙන් එයාර් බෑග් හතක්වත් අනතුරකදී විවෘත කර ගනී.

අනතුරට ලක්වූ මෝටර් රථය පිළිබඳ අධිකරණ වෛද්‍ය පරීක්‍ෂණය සිදුකරන බව මෝටර් රථ පරීක්‍ෂක මනීෂ් මෝරේ මහතා පැවසීය . අනතුරට සැබෑ හේතුව කුමක්දැයි දැන ගැනීමට මෙය උපකාර වනු ඇත. එම ස්ථානයේ සීසීටීවී කැමරාවක් නොතිබූ බවත් ඔහුගේ මෝටර් රථයේ කැමරාවක්වත් නොතිබූ බවත් පොලිසිය පවසයි. මාර්ගයේ තත්ත්වය ද යහපත් විය. එවැනි තත්ත්වයක් තුළ වරද සිදුව ඇත්තේ කොතැනකද යන්න සොයා බලන බව දන්වා තිබේ.

මෝටර් රථයේ රියදුරුට එරෙහිව නඩු පැවරීමට සූදානම් වන බව පොලිස් නිලධාරියෙකු පැවසීය. මෝටර් රථය කාගේ නමින්ද යන්න තහවුරු වෙමින් පවතී.

ඉන්ද්‍රධනුෂ් රෝහලේ වෛද්‍ය තේජාස් ෂා, වාපි පැවසුවේ - අනයා පැන්ඩෝලේ සහ දාරියාස් පැනඩෝල් අපේ රෝහලට ගෙන එන විට ඔවුන්ගේ තත්ත්වය අයහපත් විය. ඔවුනගේ ඔක්සිජන් මට්ටම පහත වැටී ඇති අතර ඔවුනගේ රුධිර පීඩනය ද ඉහළ ගොස් ඇත.  බොහෝ අස්ථි බිඳීම් තිබේ. යනුවෙනි.

 සයිරස් මිස්ත්‍රිගේ පුතා සහ බිරිඳ පවුලේ උත්සවයක් සඳහා බ්‍රිතාන්‍යයට පැමිණ සිටියදී මෙම අනතුර සිදුවිය. ඔවුන් සඳුදා මුම්බායි වෙත ළඟා වීමට ඉඩ ඇත. ඉරිදා මිස්ට්‍රිගේ මාමණ්ඩිය සහ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ඉක්බාල් චග්ලා සහ ඔහුගේ මස්සිනා වන විනිසුරු රියාස් චග්ලා පොලිසිය සහ පල්ගාර් බලධාරීන් සමග සම්බන්ධ වී සිටියහ.



මුම්බායි - අහමදාබාද් අධිවේගී මාර්ගයේ පස්වරු 3.30 ට මෙම අනතුර සිදුව ඇති බව පල්ගාර් පොලිස් අධිකාරී බාලසාහේබ් පටිල් පැවසුවේය. අහමදාබාද් සිට මුම්බායි බලා යන මාර්ගයේ සූර්යා නදියේ පාලම මත පස්වරු 3.30 ට පමණ මෙම අනතුර සිදුව තිබේ. අනතුරින් දෙදෙනෙකු මිය ගිය අතර අනෙක් දෙදෙනා තුවාල ලබා ඇත. මහාරාෂ්ට්‍ර නියෝජ්‍ය මහ ඇමති දේවේන්ද්‍ර ෆඩ්නාවිස් අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස නියෝග කර ඇත.

මිස්ත්‍රි  උද්වාරා හි පාර්සි කෝවිලේ දායකයෙකු වන අතර ඒ උත්සව සඳහා සහභාගීවේ. උද්‍වාරා ගිනි කෝවිලේ සිට ආපසු එන අතරතුර මිස්ත්‍රිගේ මෝටර් රථය අනතුරට පත් වූ පසු පූජකවරයා පැවසුවේ, 'මුළු පාර්සි සමාජයම මෙම ප්‍රවෘත්තියෙන් කම්පනයට පත් වී තිබේ. මෙහි ධර්මශාලා නඩත්තු කිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීමේ සියලු වියදම් ඔහු දරනවා. ඉස්සර මෙතන මොකක් හරි වැඩ සටහනක් වෙනවා නම් මුලින්ම එන්නේ එයාගේ පවුලේ අය.  පවුලේ අයට වියෝව දරා ගැනීමට ධෛර්යය ලබා දෙන ලෙස අපි ප්‍රාර්ථනා කරමු... යනුවෙනි.