
මුලතිව් කුරුන්දි පුරාණ විහාරය ආරක්ෂා කරදෙන ලෙස ඉල්ලමින් කොළඹදි ඊයේ (26) පැවති සත්‍යග්‍රහයට පැමිණි පර්ලිමේන්තු මන්ත්‍රි සරත් වීරසේකරට එහි සිටි පුද්ගලයෙකුගෙන් විරෝධය එල්ල විය.
අදාළ පුද්ගලයා විරෝධය පළ කරමින් ප්‍රකාශ කළේ ,පිරිස මෙම ස්ථානයට පැමිණියේ දේශපාලඥයන් පිම්බිමට නොවන බවය. යුද්ධය අවසන් වී වසර දහතුනක් ගත වු පසුද මැති ඇමැතිවරුන් නිසි ලෙස සිය රාජකාරි කළේ නම්, ජනතාවට මෙලෙස කටයුතු කිරීමට සිදු නොවන බවත් ඔහු කීය.
සිය විරෝධය පළ කිරිමෙන් පසුව මෙම පුද්ගලයා මෙම ස්ථානයෙන් පිටව ගියේය.
Comments
Post a Comment
Your comment will be visible after approval