ragging-blacklist

නවක වදය ඇතුළු විවිධ වරදවල් සඳහා  වරදකරුවන් වන විශ්වවිද්‍යාල සිසුන්ගේ අසාදු ලේඛනයක් සකස් කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පැවැසීය. නවකවදය, රාජ්‍ය දේපළවලට හානි කිරීම,

ප්‍රචණ්ඩත්වය වැපිරිම වැනි චෝදනාවලට ලක්වන විශ්වවිද්‍යාල සිසුන් ඒ සඳහා වරදකරුවන් වූ විට ඔවුන්ගේ නම් අසාදු ලේඛ්‍යානයට ඇතුළත් කරන බවද උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමැතිවරයා කීවේය.

රජයේ රැකියා ලබාදීමේදී හා වෘත්තීය මට්ටමේ ශිෂ්‍යත්ව ආදිය ලබාදීමේදීත් වෙනත් රජයේ පහසුකම් ලබාදීමේදීන් අසාදු ලේඛනයේ සිසුන් නොසලකා හරින බවද සුරේන් රාඝවන් මහතා පැවැසීය.


රංජන් කස්තුරි