sanath-nishantha-court

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති  සාකච්ඡාවකදී, අධිකරණයට අපහාස  කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් දඬුවම් නොකිරීමට හේතු ඉදිරිපත් කිරීම සඳහා ලබන මස 13 වැනිදා

අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කරමින් රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතාට අභියාචනාධිකරණය ඊයේ (29) සිතාසි නිකුත් කළේය.නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්. ගුරුසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය. ම

ෙම නීතිඥ විජිත කුමාර සහ නීතිඥ ප්‍රියලාල් සිරිසේන යන මහත්වරුන් විසින් මෙම පෙත්සම් දෙක අභියාචනාධිකරණය හමුවේ ගොනු කරනු ලැබ ඇත.

රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතා වගඋත්තරකරු ලෙස නම් කරමින් ඉදිරිපත් කර ඇති මෙම පෙත්සම්වලින් පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට නියෝගයක් ලබා දෙන ලෙසය.මෙම වගඋත්තරකරු, ඉකුත් මැයි මස 09 වැනි දින ගාලු මුවදොර අරගල භූමියට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවේ සැකකරුවකු වන බවද පෙත්සම්වල සඳහන් කර ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේදී ඉකුත් අගෝස්තු මස 23 වැනිදා පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වූ මෙම වගඋත්තරකරු අධිකරණයට අපහාස වන අයුරින් කරුණු දැක්වූ බවත් මෙමගින් සමස්ත අධිකරණ පද්ධතියටම අපහාසයක් සිදුවී ඇති බවත් පෙත්සම්වල සඳහන් වෙයි.


නිමන්ති රණසිංහ