It-is-not-enough-to-just-want-to-go-for-a-foreign-job,-you-also-need-the-advantage-of-the-horoscope

ලාංකිකයින් විසින් අතීත කාලයේදී තම රටින් පිටව යෑමට සිදුවීම හඳුන්වනු ලැබුවේ තමන්ට උරුම වූ සාපයක් ලෙසය. නමුත් වර්තමානයේ තම රටේ ජීවත් වීම සාපයක් ලෙස දකින බොහෝ ශ්‍රී ලාංකිකයෝ විදේශ රටක පදිංචියට යාමට ලැබීම, විදේශ රටක රැකියාවක් කිරීමට ලැබීම තමන් ලද වාසනාවක් ලෙස හෝ තමාගෙන්ම භාග්‍යයක් ලෙස හෝ දේව ආශීර්වාදයක් ලෙස හෝ සලකති. ශ්‍රී ලාංකික ඔබ ද විදේශගත වීමට අවස්ථාවක් සොය සොයා සිටිනවා වන්නට පුළුවන.
මේ සමග පළවන්නේ ඒ ගැන ජ්‍යොතිෂ්‍යමය පැහැදිලි කිරීමකි.
පළමුවෙන්ම ඔබගේ කේන්ද්‍රයේ විදේශගත වීමට හෝ විදේශයක පදිංචි වීමට ජන්ම හිමිකම තිබේදැයි බලමු. විදේශගත වීමට සහ විදේශයන්හි පදිංචි වීමට වැදගත් වන රාශි මොනවද? රාශීන්  චර, තිර සහ උභය ලෙස වර්ග තුනකට බෙදනු ලැබේ.

චර රාශි- , කටක, තුලා, මකර

තිර රාශි - වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ

උභය රාශි- මිථුන, කන්‍යා, ධනු, මීන

චර රාශි හෙවත් චලනය වන ගුණය ඇති රාශි වන මේෂ, කටක, තුලා, මකර රාශි විදේශගත වීම සඳහා ප්‍රමුඛ වේ. මෙම රාශි තුළ තැන්පත් වී ග්‍රහයන් විසින් ජන්මහිමියා හට එම ග්‍රහයන්ගේ දශා කාලයන් තුළ දී  චලනය වීමේ නම්‍යතාවක් හෙවත් තමන් සිටින ස්ථානයෙන් ඈත් වීමක් ලබා දෙනු ලබයි.

මෙම නම්‍යතාව, වාසස්ථානය වෙනස් වීම, තම රැකියාව වෙනස් වීම, තමා පදිංචි රට වෙනස් වීම ආදී ලෙසින් ඊට අදාළ දශා කාලයන් තුළ ජන්මියාට ලබා දෙනු ලබයි.

තිර රාශි වන වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ යන රාශීන් තුළ ඇති ග්‍රහයන් ජන්මියාට විදේශගත වීම සඳහා උදව් නොකරයි. එවැනි ග්‍රහයන් ජන්මියා තමා උපන් ස්ථානයට සීමා කර තබයි. උභය රාශි තුළ ග්‍රහයන් තැන්පත්ව ඇති විට එම ග්‍රහයන්ගේ දශා කාල තුළ ජන්මියාට කෙටි විදේශ ගමන් සඳහා අවස්ථාව සලසනු ලබයි. මෙවැනි ගමන් වැඩි වශයෙන් මාසයකට වඩා අඩු කාලයකට සීමා වනු දැකිය හැක.රාශි තවදුරටත් තව සිද්ධාන්ත යටතේ  කොටස් හතරකට බෙදනු ලැබේ.

ජෝ රාශි - මේෂ, සිංහ ධනු

පෘඨවි රාශි - වෘෂභ, කන්‍යා මකර

වායෝ රාශි - මිථුන තුලා, කුම්භ

ආපෝ රාශි - කටක, වෘශ්චික, මීන

කටක, වෘශ්චික, මීන යන ආපෝ රාශි හෙවත් ජල රාශි විදේශ ගත වීම සඳහා වැඩි වැදගත්කමක් ගනී. විදේශ රටකට යාම සඳහා බොහෝ විට මුහුද තරණය කිරීමට අවශ්‍ය වේ. මේ නිසා ජල රාශි විදේශ ගමන් සඳහා බොහෝ වැදගත් වේ. කටක රාශිය චර රාශියක් සේම, ජල රාශියක් ලෙස ද හැසිරෙන බැවින් සහ ඊට අමතරව විශ්ව කේන්ද්‍රය තුළ හතරවන භාවය බැවින් විදේශ ගමන් සඳහා විශේෂ වැදගත්කමක් දක්වනු ලබයි. රාහු, සඳු, ශනි, සිකුරු වැනි ග්‍රහයන් ජල රාශියක තැන්පත් වීම, එම ජන්මියාට විදේශ ගමන් ඇති බව පෙන්වා දෙනු ලබන්නකි. විදේශ ගමන් සඳහා රාහු, සඳු, ශනි, සිකුරු ග්‍රහයන් හේතු සාධක වේ. මෙම ග්‍රහයන් විදේශ ගමන් සඳහා හේතු වන භාවයන් සමග සම්බන්ධ වීම ජන්මියාගේ ජීවිත කාලය තුළ දී විදේශ ගමන් සඳහා ඉඩකඩ ඇති බව පෙන්වනු ලබන පිහිටීමකි.මෙම ග්‍රහයන් අතරින් රාහු ග්‍රහයා විදේශ ගමන් සඳහා විශේෂ වැදගත්කමක් පෙන්වයි.

රාහු පීඩාවට පත් නොවී තැන්පත්ව ඇත්නම් රාහු මහා දශාවක්, භුක්තියක් තුළ ජන්මියාට විදේශ චාරිකාවක් හිමි විය හැක.

නමුත් රාහු දශාවන් තුළ ජන්මියාට ලැබෙන වින්දේශ චාරිකා ජමියාගේ මනදොළ පිනවීමට සමත් නොවන බව කියනු ලැබේ. රාහු ග්‍රහයා 7 අධිපති, 8 අධිපති හෝ 9 අධිපති ග්‍රහයන් සමග ඇති සම්බන්ධය ද විදේශ ගමන් සඳහා මග පාදා දේ. රාහු ග්‍රහයා ලග්නයේ හෝ 7 භාවයේතැන්පත් වීම ද විදේශ ගමන් සඳහා යෝග්‍ය වේ. සඳු ග්‍රහයා විශ්ව කේන්ද්‍රයේ 4 භාවය අධිපතියා වේ. මේ නිසා සඳු ග්‍රහයාට ද විදේශ ගමන් සඳහා මූලිකත්වය හිමි වේ.  විදේශයන්හි ස්ථිර ලෙස පදිංචි වීමට සඳු ග්‍රහයා ඉඩ කඩ ලබා දෙයි. සඳු ග්‍රහයා කේන්ද්‍ර ස්ථානයක් ලෙස හඳුන්වනු ලබන 1, 4, 7, 10 භාවයන්හි තැන්පත් වී තිබීම ජන්මියා සිය රට ඇතුළත පමණක් නොව ඉන් පිටත ද චාරිකා සඳහා යොමුවන පිහිටීමකි. සඳු ග්‍රහයා ජල රාශියක තැන්පත් වී රාහු සමග සංයෝගව ඇත්නම් එම ජන්මියාට ජීවිතයේ කවර හෝ කාලයක විදේශයකට යාමට සිදුවිය හැක. සඳු ග්‍රහයා උච්ච වී 8, 9, 12 වැනි භාවයක තැන්පත් වී සිටීම ද විදේශ ගමන් සඳහා අවසරය ලබා දෙනු ලබන පිහිටීමකි. - විදේශ ගමන් සඳහා රවි ග්‍රහයා ද දායකත්වයක් දක්වයි. රවි රාජකීයත්වය පෙන්වන ග්‍රහයෙකි.

ලග්නයෙන් පස්වැනි - භාවයේ රවි ග්‍රහයා තැන්පත් වීම ජමියා තානාපති සබධතා සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට ඉඩ පාදා දෙන පිහිටීමකි. රජයේ නියෝජිතයකු සේ විදේශගත වීමට මෙවැනි ජන්මීන්ට හැක. බුධ ග්‍රහයා 4 භාවයේතැන්පත් වීම ද ජන්මියාට නිතරම තම වාසස්ථානය. වෙනස් කිරීමට සිදු වන පිහිටීමකි. මේ නිසා ද ජන්මියාට වින්දේශයකට යාමට සිදුවිය හැක. බුධ ග්‍රහයා 4 භාවයේ තැන්පත් වීමටඅමතරව 4 භාවයත් චර රාශියකට හිමිව තිබීම ජන්මියාට තම ගෙදරින් නිතරම පිටත ස්ථාන කරා ගමන් කිරීම සිදුවන පිහිටීමකි.අස්විද, බෙරණ, අද, සිත, පුෂ, හත, යන නක්ෂත්‍ර ද විදේශ ගමන් සඳහා උදව් කරයි. මෙම නක්ෂත්‍ර තුළ සඳු හෝ සිකුරු වැනි ග්‍රහයන් තැන්පත් වීම ද වින්දේශ ගමන් සඳහා මග පෙන්වනු ලබන පිහිටීමකි. විදේශ ගමන් සඳහා ප්‍රමුඛ භාව වන්නේ 9 සහ 12 භාවයය. 12 භාවය විදේශ භූමිය, ආගන්තුක පරිසරය, නුපුරුදු වට පිටාව පෙන්වනු ලබයි.




මේ නිසා 12 භාවය විදේශයන්හි පුරවැසි කම ලැබීමට හේතු වේ. සඳු ග්‍රහයා සිකුරු ග්‍රහයා සමග 12 භාවයේ තැන්පත් වීම ජන්මියා විදේශ ගමන් සඳහා යොමු කරවනු ලබන පිහිටීමකි. රාහු ග්‍රහයා ද මෙම සංයෝගය සඳහා දායකත්වය දෙනු ලබන්නේ නම් විදේශ ගමන ස්ථිර වේ. 9 භාවය දීර්ඝ ගමන්, වාසනාව, දිගු දුර පෙන්වා දෙනු ලබයි. මේ නිසා 9 භාවය විදේශ ගමන් සඳහා වැදගත් වේ.9 අධිපතියා 12 භාවයේ තැන්පත් වීම සහ 12 අධිපතියා 9 භාවයේ තැන්පත් වීම මගින් ඇතිවනු ලබන පරිවර්තන යෝගය විදේශ ගමන් ජන්මියාට හිමිව ඇති බව පෙන්වා දෙනු ලබන පිහිටීමකි. මීට අමතරව 9 හෝ 12 භාවයේ ග්‍රහයන් කිහිප දෙනකුම තැන්පත් වීම ජන්මියාට විදේශ ගමන් ඇති බව පෙන්වා දෙනු ලබයි. තම මව්බිම පෙන්වනු ලබන හතර වැනි භාවය ඔබගේ කේන්ද්‍රයේ දුර්වලව පිහිටා ඇත්නම් සහ විදේශයන් පෙන දොළොස් වැනි භාවය ශක්තිමත්ව පිහිටා ඇත්නම් ඔබට අනිවාරේන්ම තම මවිබිම අතහැර විදේශයක පදිංචි වීමට හැකියාව ඇත. 

(ඩබ්.ඒඩී. නන්දකුමාර වගසිංහ -තරුව)