rosy-senanayake-hellfire

අද (30) රාත්‍රියේ කොළඹ නෙළුම් කුළුණ පරිශ්‍රෙය් පැවැත්වෙන ප්‍රසංගයක නම 'HellFire' හෙවත් නිරයේ ගින්න යනුවෙන් නම් කර තිබූ අතර 'HellFire' යන්න  'Fire' ලෙස වෙනස් කිරීමට කොළඹ නගර සභාව කටයුතු කර තිබේ.


"නිරය" යන නම වෙනස් කරන ලෙස සංවිධායකයින් ඉල්ලා සිටියේ එය සාතනික ලබ්ධියක නමක් බවට කරුණු පළවීමෙන් පසුවයි.නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියගේ විරෝධය මත මෙම තීරණය ගෙන තිබේ.
‘Hellfire’ යන නාමය ප‍්‍රදර්ශණය නොකල යුතු බවත්, කිසිදු ආගමකට දර්ශනයකට හෝ ඇදහිල්ල කට හානියක් හෝ අපහාසයක් සිදු නොකළ යුතු බවත් ඇය දන්වා ඇත.
එම ප‍්‍රසංගයේදී ‘සාතන්’ ප්‍රවර්ධනය කරනු ඇතැයි පළ වූ මතයන් මත එයද වෙනස් කරන ලෙස ඉල්ලා තිබුණි.