
අද (30) පස්වරුවේ ඇල්ල 09 කණුව ප්‍රදේශයේ කරඳගොල්ල රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබේ. හටගත් ගින්න පාලනය කිරීමට නොහැකි වී ඇති අතර රක්ෂිතය පුරා පැතිරෙමින් පවතී.
ඇල්ල රොක් රක්ෂිත ප්‍රදේශයට පසුගිය 24 දා ගිනි තබා හානි කිරීමට සිසුන් 16 දෙනෙකුගේ කණ්ඩායමක් කටයුතු කර තිබූ අතර එම චෝදනාව මත අසල්වාසීන්ගේ සාක්ෂි මත අත්අඩංගුවට ගත් පාසල් සිසුන් 16 දෙනාට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමටත් ඇල්ල පොලිසිය විසින් තෝරාගත් ප්‍රදේශවල පැළ 10 බැගින් සිටුවන ලෙසත් මින් ඉහත නියම කර තිබුණ්ය.මෙම පිරිස රක්ෂිත වනයේ උපන්දින සාදයක් පවත්වා ඉන් අනතුරුව එම ප්‍රදේශයට ගිනි තබා තිබුණි.
ඇල්ල 09 කණුව ප්‍රදේශයේ කරඳගොල්ල රක්ෂිතයේ ගින්නට අදාළ ඡායාරූප මෙසේය.

Comments
Post a Comment
Your comment will be visible after approval