ranil-book-exhibition

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍ර ශාලා පරිශ්‍රයේදී 23 වන වරට ත් පැවැත්වෙන කොළඹ ජාතික පොත් ප්‍රදර්ශනය නැරඹීමට අද (සැප්. 22) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගොස් තිබේ.


 ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය ජනපතිවරයා පිළිගත් අතර කවදත් පොත් කියවීමට රුචි රනිල් වික්‍රමසිංහ මහතා පොත් සල්පිල් වල පොත් පරීක්ෂා කර මිලට ගන්නට කටයුතු කළ අතර පොත් ප්‍රකාශකයන් සහ ලේඛකයන්ගේ තොරතුරු විමසමින් කෙටි කතා බහක නිරත විය. ඇතැම් තැන්වලදී සෙල්ෆි වලටද පෙනී සිටියේය.