
පවතින ආර්ථික අර්බුදය සැලකිල්ලට ගනිමින් රාජ්‍ය සේවිකාවන්ට ආයතනයට ගැළපෙන ලෙස සුදුසු ඇඳුමක් පැලඳ ගෙන ඒමට අදාළව රාජ්‍ය පාලන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කිරීමට සැලසුම් කර තිබෙන බව වාර්තා වේ. නිල ඇඳුම් හෝ නිල ඇඳුම් දීමනාවක් හිමි නොවන රාජ්‍ය සේවිකාවන්ට බලපැවැත්වෙන ලෙස මෙම චක්‍රලේඛය නිකුත් කිරීමට සැලසුම් කර තිබෙන බවට වාර්තා වන අතර, එහෙත් පාසල් ගුරුවරියන්ට මෙම චක්‍රලේඛය බල නොපැවැත්වෙන බවට නිකුත් කිරීමට නියමිත බවද ආරංචිමාර්ග සඳහන් කරයි. බොහෝ රාජ්‍ය ආයතන විසින් කාන්තාවන්ට සාරිය පැලඳගෙන රාජකාරියට වාර්තා කළ යුතු බවට උපදෙස් ලබාදීම සිදුකර තිබෙන අතර, පවතින ආර්ථික අර්බුදය නිසා සාරියක් මිලදී ගැනීමට විශාල මුදලක් වැය වන බවට රාජ්‍ය සේවිකාවෝ චෝදනා කරති.
මේ නිසා අදාළ ආයතනයට ගැළපෙන සුදුසු ඇඳුමක් පැලඳගෙන සේවයට වාර්තා කිරීමට අවස්ථාව ලබාදීම පිළිබඳ රජයේ අවධානය යොමු වී තිබේ. මේ අනුව සාය, ඔසරිය හෝ ආයතනයට ගැළපෙන වෙනත් සුදුසු ඇඳුමක් පැලඳගෙන සේවයට වාර්තා කිරීමට අවස්ථාව සැලැසෙන ආකාරයට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කිරීමට නියමිතව ඇත.
( එච්.අයි. තුෂාර)
Comments
Post a Comment
Your comment will be visible after approval