
විශ්වවිද්‍යාල තරුණ කථිකාචාර්යවරියක පදිංචිව සිටින මොරටුමුල්ල ප‍්‍රදේශයේ නිවසකට කඩා වැදුණු පුද්ගලයකු ඇයට තියුණු ආයුධයක් පෙන්වා මරණ තර්ජනය කර හා ලිංගික අතවර කර, ඇය පැළඳ සිට රුපියල් තුන් ලක්ෂ පනස්දහසක් පමණ වටිනා රන් මාලය කඩා පලාගොස් ඇතැයි මොරටුමුල්ල පොලිසිය කියයි.
පෙරදින රාත්‍රියේ වූ මෙම අතවරය ගැන සහ රන් මාලය කඩා ගැනීම සම්බන්ධයෙන් ඇය පසුගිය සිකුරාදා (23) මොරටුමුල්ල පොලිසියට පැමිණිලි කර ඇත. කථිකාචාර්යවරිය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කළ බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වයි.
-ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය-
Comments
Post a Comment
Your comment will be visible after approval