qr-maharagama

අපි  ඇමතිගේ  මිනිස්සු යැයි මරණීය තර්ජනය කරමින්  මහරගම  ඉන්ධන හලකට කඩා වැදුණු මැර පිරිසක්
එහි සේවකයන්ට සහ කළමනාකරුට පහර දී පළා ගොස් ඇතැයි මහරගම පොලිසිය පවසයි.

ඉකුත් ඉරුදින 25දා  රාත්‍රියේ කුඩා වෑන් රථයකින් පැමිණ තිබූ  පුද්ගලයෙකු ඉන්ධන ලබා ගැනීමට
පැමිණි අවස්ථාවේදී  කිව්. ආර්  අවසර පත්‍රය  පොම්පකරු ඉල්ලා ඇති අතර ",යකෝ අපි අහසින් වැටුණු
මිනිස්සු නොවෙයි,ගහපන් තෙල් යකෝ" යැයි පවසා වෑන් රථයෙන් බිමට බැස පොම්පකරු ට පහර දීමට
උත්සහ කර තිබූ බව පොලිසිය කියයි.



අනතුරුව පොම්පකරු  එම පුද්ගලයාට පොම්පයෙන් පෙරලා පහරදීමට උත්සාහ කිරීමේදී  සේවකයන් පැමිණ
සිද්ධිය සමථයකට පත් කර ඇති අතර එම පුද්ගලයා නැවත එන බව පවසා වෑන් රථයෙන් පිටවී ගොස් ඇත.

පොම්පකරු සමග බහින්බස් වූ වෑන් රථ රියදුරු  තවත් කිහිප දෙනකු සමග මද  වේලාවක් තුළදී ඉන්ධන හල
වෙත පැමිණ "යකෝ අපි ඇමතිගෙ මිනිස්සු " යැයි කෑගසමින් සේවකයන් දෙසට පැමිණෙනවාත් සමඟ ඔවුන්
ජීවිත ආරක්ෂාව පතා ඉන්ධන හලේ කාර්යාලය තුළට දිව ගොස් ඇති අතර මැර පිරිස  කාර්යාලය තුළට
කඩා වැදී  එම සේවකයන්ට මෙන්ම කළමනාකරුට ද පහර දී මරණීය තර්ජනය කර පිට වී ගොස් ඇතැයි
ඉන්ධනහලේ  සේවකයන් කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ.



වෑන් රථයෙන් ඉන්ධන ලබා ගැනීමට පැමිණි පුද්ගලයා පොම්පකරු සමග බහින්බස් වන අයුරු සහ මැර පිරිස
පොම්ප  කරුවන්ට සහ කළමනාකරුට  පහර දෙන අයුරු ඉන්ධනහලේ සවිකර තිබෙන සීසීටීවී කැමරාවේ සටහන්
ඇතැයි පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ

මහරගම  පොලිසිය පරීක්ෂණ පවත්වයි.