
කොළඹ ජාතික දන්තායතනයේ (දත් රෝහල) පුළුන් නොමැතිවීම හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන් මහත් දුෂ්කරතාවකට පත්ව ඇතැයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන සඳහන් කරයි.
දත් දිරායෑම හේතුවෙන් එය ඉවත්කර ගැනීම සඳහා පැමිණෙන රෝගීන්ට සහ මුඛයේ විවිධ සැත්කම් කරගැනීම සඳහා පැමිණෙන රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර කිරීමෙන් පසුව මුඛයේ සිදුවන රුධිර වහනය නතර කිරීම සඳහා පුළුන් අත්‍යවශ්‍ය බව අධ්‍යක්ෂවරයා පවසා සිටියි.
කෙසේ නමුත් මේ වන විට රෝහල තුළ හෝ රජයේ වෛද්‍ය සැපයුම් අංශය තුළ පුළුන් නොමැතිවීම හේතුවෙන් පිටතින් මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය අවසර ලබා දී තිබුණද පෞද්ගලික ඔසුසැල් මගින් පුළුන් සපයා ගැනීමට නොහැකි වී ඇතැයි හෙතෙම පැවසීය.
විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශය පසුගෙවීම මත පුළුන් ලබා ගන්නා බැවින් පෞද්ගලික ඔසුසැල් එය ලබාදීම ප්‍රතික්ෂේප කර අත්පිට මුදලට පෞද්ගලික රෝහල්වලට එය අලෙවි කිරීමට කටයුතු කරන බවද ඔහු පැවැසීය.
රෝහලට අවශ්‍ය වී ඇති පුළුන් ලබාදීමට හැකි පරිත්‍යාගශීලියෙක් හෝ ආයතන ඇත්නම් ඉදිරිපත් වන්නැයිද අධ්‍යක්ෂ වෛද්‍ය දන්තනාරායන ඉල්ලීමක් කරයි.
ශ්‍රියානි විජේසිංහ
Comments
Post a Comment
Your comment will be visible after approval