president-queen-funeral-visit

දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නිල ආරාධනය අනුව සහභාගී වූයේ ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා සහ ජාත්‍යන්තර සබදතා පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ යන මහත් මහත්මීන් පමණක් බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.

ඊට අමතරව ජනාධිපතිවරයාගේ නිල වෛද්‍යවරයා ද ඊට සහභාගී වූ බව ජනාධිපති කාර්යාලය කියයි. ජනාධිපතිවරයාගේ භාර්යාව මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය මේ සඳහා එක් වූයේ පෞද්ගලික වියදමින් බවත් දේශගුණීක විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක සහ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනාධිපති සමග බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා ඩයස්පෝරා හමුවට එක්වූයේ එක්සත් රාජධානියේ පෞද්ගලික සංචාරයකට එක්ව සිටින අතරතුර දී බවත් ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.

බ්‍රිතාන්‍යයේ වෙස්ට්මිනිස්ටර් ඇබේහි පැවති දෙවැනි එළිසබෙත් මහ  රැජිනගේ අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහාභාගී වූ දූත පිරිස සම්බන්ධයෙන් ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා සමාජ මාධ්‍ය විවිධ සාවද්‍ය තොරතුරු හුවා දක්වමින් මහජනතාව නොමග යැවීමට කටයුතු කරන බව නිරීක්ෂණය වී ඇතැයිද ජනාධිපති කාර්යාලය පවසයි.