bandula-gunawardane-speaks

රාජ්‍ය සේවකයන්ගේ මාසික වැටුප් බිල ගෙවා ගැනීමට ප්‍රමාණවත් ආදායමක් අද නොලැබෙන බවත්, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන හේතුවෙන් මුදල් අච්චු ගැසීමටද රජයට හැකියාවක් නැති බවත්, ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21) පැවසිය.  මේ අතර මාර්ග සංවර්ධන අධිකාරියේ අවසන් කළ ව්‍යාපෘති වෙනුවෙන් ගෙවිය යුතු හිඟ බිල්පත්වල වටිනාකම රුපියල් කෝටි දහදායකට අධික බව ද ඔහු සඳහන්  කළේය.

ඔහු මෙසේ පැවසුවේ සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

රජයට ගෙවා ගත නොහැකි ලොකු හිඟ බිල්පත් ප්‍රමාණයක් ඇති බවත්, රජයේ ආදායම පිළිබඳ ප්‍රශ්නය නිසා මේ හිග බිල්පත් ගෙවීම ගැටලුසහගත වී ඇති බවත් ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කීවේය. මාර්ග සංවර්ධන අධිකාරියේ නිමවුණු , වැඩවලට ඉදිරිපත් කෙරුණු රුපියල් කෝටි දහදායක හිඟ බිල්පත් තමා ළඟ ඇතැයි පැවසු අමාත්‍යවරයා, ඒ අය මුහුණ දී සිටින තත්වය තමාට හොඳින් තේරෙන බව ද සඳහන් කළේය. ඒ අය කොන්ත්‍රාත් ලබාගෙන ඇත්තේ ණය වී බව ද ගුණවර්ධන මහතා කීවේය. රටේ ප්‍රශ්න විසඳීමට කලින් කළා සේ මුදල්  අච්චු ගැසීම කළ නොහැකි බව පැවසු අමාත්‍යවරයා, ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනක් ක්‍රියාත්මක වන විට වැරදුණා යැයි කිවහොත් තවදුරටත් ඒ වැඩපිළිවෙත්වෙළට ඉදිරියට යා නොහැකි වන බව ද සඳහන් කළේය.
 අංජුල මහික වීරරත්න