moratuwa-wife-husband-fight

මල්ලවපොර ක්‍රීඩකයෙකු තම ප්‍රතිවාදියාට වළල්ලකදී පහර ගසන්නාක් මෙන් තම 22 හැවිරිදි බිරිඳට  පහර දුන් 34 හැවිරිදි සැමියෙකු ඊයේ අත්අඩංගුවට ගත් බව මොරටුව පොලිසිය පවසයි.

සැකකරු තදණහිස් එකට බදාගෙන තම බිරිඳ ඇඳ මත තබා සිරුර මතට පනිමින් මෙම පහරදීමේ ක්‍රියාව නැවත නැවතත්  සිදු කර ඇතැයි පැමිණිල්ලේ සටහන්ව තිබේ.


පොලිස් පැමිණිල්ලට අනුව, සැකකරු "මෙන්න රෙස්ලිං" යැයි කෑගසමින් හදිසියේම ඇඳට පැන තමාගේ බඩ, පපුව සහ ඇගේ මුහුණ මිරිකා දැමූ බවත්. කොයි මොහොතක හෝ මරා දමනු ඇතැයි බියෙන් පැමිණිල්ල කරන ලද බවත් බිරිය පොලිසියට සඳහන් කළාය.

මෙම යුවළට දරුවන් දෙදෙනකු සිටින අතර සැමියාට ව්‍යාපාරයක් හිමි බවද පොලිසිය කියයි.



සැමියා බීමතින් නිවසට පැමිණ මල්ලවපොර ක්‍රීඩකයෙකු මෙන් පහර දුන් බවට බිරිඳගෙන් ලද පැමිණිල්ලකට අනුව සැමියා
ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.