
අත්‍යවශ්‍ය කාර්යයන් සඳහා පමණක් අමාත්‍යවරුන්ගේ සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ විදේශ සංචාර සීමා කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව එවැනි සංචාරයන් සඳහා අත්‍යවශ්‍යම නිලධාරියා හෝ අදාළ සංචාරයේ රාජකාරි කටයුතු සඳහා අත්‍යවශ්‍යයෙන්ම අවශ්‍ය කිහිප දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම පමණක් සහභාගි කරවා ගත යුතුයි.
රට මුහුණ පා ඇති අසීරු ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන, රාජ්‍ය වියදම් අවම කිරීමේ අරමුණින් මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ, ජනාධිපතිවරයායි.
මේ ගැන කැබිනට් මාධ්‍ය හමුවේදී එලි දැක්වූ සටහන පහතින්

Comments
Post a Comment
Your comment will be visible after approval