ali-sabry-biden

මෙරට විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා, අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ ඔහුගේ බිරිඳ වන ආචාර්ය ජිල් බයිඩන් හමුවී තිබෙයි.
එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 77වන සැසිවාරය අතරතුර සංවිධානය කර තිබූ රාත්‍රී භෝජන සංග්‍රහයේදී මෙම හමුව සිදුව ඇත.



නිව්යෝර්ක් හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 77 වැනි සැසිවාරයේදී, හෙට දින විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා ශ්‍රී ලංකාවේ ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතයි.

ආසියාවේ අන්තර් ක්‍රියා සහ විශ්වාසය ගොඩනැගීමේ ක්‍රියාමාර්ග පිළිබඳ සමුළුවේ විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම, 77 වැනි කණ්ඩායමේ සාමාජික රටවල විදේශ කටයුතු අමාත්‍යවරුන්ගේ රැස්වීම, ගෝලීය සංවර්ධන මුලපිරීමේ මිත්‍ර කණ්ඩායමේ අමාත්‍ය රැස්වීම සහ නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ අමාත්‍ය රැස්වීම වැනි අමාත්‍ය මට්ටමේ රැස්වීම් කිහිපයක් ද විදේශ කටයුතු අමාත්‍යවරයා ඇමතීමට නියමිතව තිබෙනවා.