
සමාජවාදී තරුණ සංගමය අද (24) කොළඹදී සංවිධානය කර තිබූ විරෝධතාවය අතරතුර විරෝධතාකරුවන් 84 දෙනෙකු අත්අඩංගුවට ගන්නට පොලිසිය කටයුතු කර තිබුණි.අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර ස්වාමීන් වහන්සේ දෙනමක්, පිරිමි පුද්ගලයින් 78 දෙනෙකු සහ කාන්තාවන් සිව්දෙනෙකු සිටි අතර එකී සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර ද අත්අඩංගුවට ගත් පිරිස අතර සිටි බව පැවසිණි.
මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස පිලිබඳ සොයා බැලීම සඳහා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා මරදාන පොලිසියට සවස පැමිණියේය.
කොළඹ පුරහල අසලින් ගමන් ආරම්භ කළ සාමකාමී පාගමන කොළඹ කොටුව දක්වා ගමන් කිරීමට සැලසුම් කර තිබු නමුත් ඩීන්ස් පාර ඔස්සේ මරදාන දෙසට ගමන් කිරීමට උත්සාහ කිරීමේදී පොලීසිය කදුළු ගෑස් සහ අධි පීඩන ජල ප්‍රහාර එල්ල කරමින් පාගමන විසුරුවා හැරීමට පියවර ගන්නා ලදි.
විරෝධතාවය අතරවාරයේ තුවාල ලැබූ විරෝධතාකරුවන් 7 දෙනෙකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන ලදි.
Comments
Post a Comment
Your comment will be visible after approval