
කොට්ටාව ධර්මපාල විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු බීමතින් පාසලට පැමිණ ඇදවැටෙන අයුරු හා පිරිස් එක්වී ඔහු වත්තන් කරන අයුරු දැක්වෙන රූප පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණයවේ.
නියෝජ්‍ය විදුහල්පතිවරයා පසුගිය 20 වැනි දා පස්වරුවේ පාසලට පැමිණ සිය යතුරුපැදියෙන් පිට ව යෑමට උත්සාහ කිරීමේ දී පාසල් භූමිය තුළ මෙලෙස ඇද වැටී තිබෙයි.
එදින සිංහබාහු නාට්‍යයේ දර්ශනවාර දෙකක් පාසලේ ප්‍රදර්ශනය කර ඇති අතරවාරයේ, පිටතට ගිය නියෝජ්‍ය විදුහල්පතිවරයා බීමතින් පාසලට පැමිණ මෙම උමතු රංගනයේ නිරතවී ඇත.
ඔහු යතුරපැදියෙන් ඇද වැටෙන අවස්ථාවේ දී පාසලේ දරුවන්, ආදි ශිෂ්‍යයන්, ගුරුවරුන් මෙන්ම දරුවන්ගේ දෙමව්පියන් පිරිසක් ඔහුගේ හැසිරීම ගැන අප්‍රසාදය පළ කරන අයුරු ප්‍රචාරය වූ වීඩියෝ පට ඔස්සේ හඳුනාගන්නට ලැබේ.

Comments
Post a Comment
Your comment will be visible after approval