
චීන ජනාධිපති ෂී ජින්පින් රජය හමුදාව මගින් පෙරළා දමා ඇති බවට ව්‍යාජ කටකතාවක් නිසා සෙනසුරාදා සමාජ මාධ්‍ය ඇවිළී ගියේය.
ෂී ජින්පින්ග් ජනාධිපතිවරයා ට්විටර් හි ප්‍රමුඛ පෙළේ මාතෘකාවක් බවට පත් වූයේ ඔහු නිවාස අඩස්සියේ සිටින බවත් චීනය හමුදා කුමන්ත්‍රණයක් මධ්‍යයේ සිටින බවත් සනාථ කළ නොහැකි වාර්තා මධ්‍යයේ ය.
මෙම කාරණාව සනාථ කරන්නට කටකතා පතුරුවන අය යොදාගත් තර්කය වී ඇත්තේ කිසියම් හමුදා අභයාසයක් හේතුවෙන් චීනයේ ප්‍රධාන ගුවන් කලාපයක ගුවන් ගමන් අත්හිටවා තිබීමත් එය ගුවන් ගමන් ලුහුබැඳීමේ වෙබ් අඩවි මගින් විශේෂ තත්වයක් ලෙස හඳුන්වා තිබීමත්ය.
ෂී ජින්පින්ග් ජනාධිපතිවරයාට එරෙහි දේශපාලන හෝ හමුදා කුමන්ත්‍රණයක් සමඟ චීනයේ 'යමක් සිදුවෙමින් පවතී' යන වාර්තා වලින් ඒ අනුව අන්තර්ජාලය කැළඹී ගියේය.
මේ සඳහා චීනයේ කිසිවෙකු ප්‍රතිචාර දක්වා නැත. නමුත් මීට පැය කිහිපයකට පෙරත් චීනයේ රජයේ මාධ්‍ය මගින් ජනපතිවරයා ප්‍රාදේශීයව සිදු කළ සංචාරයක් ගැන තොරතුරු පළ කරමින් සියල්ල සාමාන්‍ය බව පෙන්නුම් කර තිබේ.
කටකතාකරුවන්ගේ අනුමාන සඳහා උපුටා දක්වන ලද සාක්ෂිවලට චීනයේ සමහර ප්‍රදේශවල අවලංගු කරන ලද මගී ගුවන් ගමන් පිළිබඳ වාර්තා, ෂී ජින්පෙන්ග් කලක් ප්‍රසිද්ධියේ පෙනී නොසිටීම සහ මිලිටරි වාහන බීජිං අගනුවර දෙසට ගමන් කරන බව කියන ඡායා දර්ශන ඇතුළත් වේ.
නමුත් මෙය ව්‍යාජ පුවතක් වන අතර ප්‍රධාන ධාරාවේ පිළිගත් මාධ්‍ය කිසිවක් පළ කර නැත.
චීනයේ අවුලක් ඇතැයි වැඩිපුරම තොරතුරු පළ කර ඇත්තේ ඉන්දියානු මාධ්‍ය හා නාලිකාවන් වීමද විශේෂිතය.
Comments
Post a Comment
Your comment will be visible after approval