
සමාජවාදී තරුණ සංගමය විසින් සෙනසුරාදා දහවල් පවත්වනු ලැබූ විරෝධතා පා ගමනක් විසුරුවාහැරීමට පොලිසිය ජල සහ කඳුලු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබේ.පිරිස ලිප්ටන් වටරවුමේ සිට ඩීන්ස් පාර ඔස්සේ මරදාන දෙසට ගමන් කිරීමට සූදානම් වූ අවස්ථාවේදී පොලීසිය එලෙස ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කරන ලදි.
අරගලයට නව ජවයක් - තරුණ බලය යළි කොළඹට යන තේමාව යටතේ සමාජවාදී තරුණ සංගමය පාගමනින් කොළඹ කොටුව දුම්රිය ස්ථානය දක්වා ගමන් කිරීමට සැලසුම් කර තිබුණි.
මරදාන ඩීන්ස් පාර ප්‍රදේශය, ලිප්ටන් වටරවුම අවට රැස්ව සිටි විරෝධතාකරුවන් අවහිර කිරීමට පොලිසිය උත්සාහ කිරීම නිසා වටරවුම අසල නොසන්සුන්කාරී තත්ත්වයක් වාර්තා වී තිබුණි.
කඳුළු ගෑස් එල්ල කෙරුණේ ඉන් අනතුරුවයි.
අරගලයට නව ජවයක්, මර්දනයට එරෙහිව, කොළඹ විශාල ප්‍රදේශයක් ආවරණය වෙන පරිදි අධි ආරක්‍ෂිත කලාප ප්‍රකාශයට පත් කිරීමට විරුද්ධවීම ඇතුළු තේමා පාඨ ඔස්සේ මෙම විරෝධතාව සංවිධාන කර තිබුණි.

Comments
Post a Comment
Your comment will be visible after approval