king-charls-3-crown

රැජිනගේ සමුගැනීමෙන් පසු බ්‍රිතාන්‍ය නව රජුගේ රාජාභිෂේකය කෙරෙහි දැන් මාධ්‍ය අවධානය යොමු වීමට පටන් ගෙන තිබේ. රාජාභිෂේකය යනු ඔටුනු පැළඳීමේ සුවිශේෂ උත්සවයයි.
දෙවන එළිසබෙත් අභාවය සමගම තුන්වන චාල්ස් රජ පදවියට නම් කළ නමුත් චාරිත්‍රානුකූල ඔටුණු පැළඳීම තවම සිදුවූයේ නැත.දෙවන එලිසබෙත් රැජිණ සිය පියා වූ හයවන ජෝර්ජ් රජුගේ අභාවයෙන් පසු මාස 16 ක් ගතවීමෙන් පසු ඔටුන්න පැළඳි අතර මීළඟට 3 වන චාල්ස් එතරම් කාලයක් නොසිට ලබන ජුනි මාසයේ ඔටුනු පැළඳීමේ රාජාභිෂේකය සිදු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.


දෙවන එලිසබෙත් රැජිනගේ කිරීටයේ 70 වැනි සංවත්සරය සනිටුහන් කරන බැවින් ජුනි මාසය රාජකීය පවුලට සංවේදී වන අතර The Sun පුවත්පතට අනුව, Westminster Abbey හි දිනයක් දැනටමත් සලකුණු කර ඇතැයිද පැවසිණි.
නිශ්චිත දිනය ලෝක සිදුවීම් මත රඳා පවතිනු ඇතැයිද කෙසේ නමුත් කිරුළු පැළඳිම ජූනි 2 වන දිනට අනුමාන කර ඇතැයිද බ්‍රිතන්‍ය වාර්තා පෙන්වා දෙයි.
ඕනෑම රාජකීය උත්සවයක් මෙන්, රජුගේ රාජාභිෂේකය සැලසුම් කිරීම පහසු නොවනු ඇත.
රාජකීය මාලිගාව අමුත්තන් සිය ගණනක් සඳහා සූදානම් කළ යුතු අතර චාරිත්‍රානුකූල ඔටුන්න, යෂ්ටිය සහ ගෝලය සකස් කළ යුතුය.
නවීන ලෝක තත්වයන් මත සාම්ප්‍රදායික රාජකීය ප්‍රොටෝකෝල සමතුලිත කරමින් කාලගුණය වටා සියල්ල සැලසුම් කිරීමටද ඔවුන්ට සිදුවේ.
රාජකීය විචාරක ඇන්ජෙලා මොලාර්ඩ් පවසන පරිදි චාල්ස් රජුගේ උත්සවය බොහෝ විට කුඩා සිදුවීමක් වනු ඇත, ලොව පුරා අමුත්තන් 2,000 ක් පමණ සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
"මෙම රාජාභිෂේකය සඳහා චාල්ස්ගේ සැලසුම් එය කෙටි විය යුතු බව අපි දැනටමත් දනිමු, එය සරල විය යුතු අතර, එය ක්‍රමවත් කළ යුතුය, වඩා කුඩා විය යුතුය," මොලාර්ඩ් පැවසුවාය.



"ඔටුනු පැළඳීම පැහැදිලිවම ක්‍රිස්තියානි සේවයක් වන අතර, විවිධ ඇදහිලි ඇතුළත් එම සේවාවේ කොටස් ඇති බවට චාල්ස් වග බලා ගන්නා බවට සාකච්ඡාවක් තිබේ," මොලාර්ඩ් පැවසුවාය.
1952 පියා මියගිය පසුව මාස 16 කින් 1953දී දෙවන එලිසබෙත් රැජිනගේ යන්තම් 25දී කිරුළ පැළඳුවාය.
1953 ජූනි මාසයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ හි පැවති උත්සවයට 8,000 ක් පමණ සහභාගී වූහ.
එය රූපවාහිනියෙන් විකාශය වූ පළමු රාජාභිෂේකය විය.
මෙවර උත්සවයට ලෝකයේ සියලුම රටවලට ආරාධනා කරන්නට ඉඩ නොමැති වුවත් අවම වශයෙන් ශ්‍රී ලංකාව ඇතුළු පොදු රාජ්‍ය මන්ඩලයේ රටවල් වලට රාජාභිෂේකයට ඇරයුම් යැවෙනු ඇත. 1953 රාජාභිෂේකයට ජනපති රනිල්ගේ පියාට හා මවට යාමට හැකිවූ අතර 2023 රාජාභිෂේකයට ජනපති රනිල්ට යාමට අවස්ථාව තිබේ.