hasanjaya-gunawardane-buddika-harshani-dharmawicrema

පෞද්ගලික රෝහලකදී වෛද්‍යවරයෙකුගේ නොසැලකිලිමත්කම හේතුවෙන් බුද්ධිකා හර්ෂණී ධර්මවික්‍රම නමැති අලුත විවාහවූ තරුණිය අකාලයේ මරණයට පත්වීමේ සිදුවීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තාවේ.
මියගිය තරුණිය පසුගිය මස 13 වනදා විවාහ දිවියට පිවිසි අතර ඉන් ටික දිනකට පසු සුළු රෝග තත්වයක් මත විශේෂඥ ශල්‍ය වෛද්‍ය හසංජය ගුණවර්ධන නමැති වෛද්‍යවරයෙකු ‘චැනල්‘ කර හමුවී තිබේ. ඇයව පරීක්ෂා කළ වෛද්‍යවරයා ඇයගේ පිත්තාශයේ එක් පැත්තක ගලක් ඇති බව ප්‍රකාශ කර ඇති අතර  වත්තල හේමාස් පුද්ගලික රෝහලේදී සැත්කමක් සිදුකරන්නට යෝජනා කර තිබේ. ඒ අනුව ඉකුත් මස 31 වනදා ඇය එම සැත්කම සඳහා පෙනී සිටියාය.


ශල්‍යකර්මයෙන් අනතුරුව අසාධ්‍ය තත්ත්වයේ පසුවූ ඇය රාගම ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණත් ඇතිවූ සංකූලතා මත දින විසිපහක් රාගම රෝහලේ ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව ඉකුත් 25 වැනිදා ජීවිතයෙන් සමුගත්තාය.
පවුලේ ඥාතීන් චෝදනා කළේ පෞද්ගලික රෝහලක් තුළ ඇයට සැත්කම සිදුකළ වෛද්‍යවරයාගේ නොසැලකිල්ල මත මෙම මරණය සිදුවූ බවයි.
 අදාළ පෞද්ගලික රෝහල සහ වෛද්‍යවරයා සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෞද්ගලික රෝහල් නියාමන සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී.විජේසූරිය පැවසුවේය.
මෙම වෛද්‍යවරයා වත්තල හේමාස්ට අමතරව   ASIRI CENTRAL HOSPITAL, ASIRI SURGICAL HOSPITAL, BROWNS HOSPITALS, DURDANS HOSPITAL, LEESONS HOSPITAL, NAWALOKA HOSPITAL - COLOMBO, NAWALOKA HOSPITAL - NEGOMBO හා SANTA DORA HOSPITAL - BATTARAMULLA යන රෝහල් වලද චැනලින් සේවාවන් සඳහා සහභාගී වන්නෙකි.



මෙම සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශ මට්ටමින් ද පරීක්ෂණ ක්‍රියාත්මක බවත් වෛද්‍යවරයා මීට පෙර සිදුකළ සැත්කම්වලින් රෝගීන්ට ඇතිවූ සංකූලතා පිළිබඳව ද මේ වන විට තොරතුරු රැස්කර ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ජේෂ්ඨ ප්‍රකාශකයෙකු මාධ්‍ය වෙත දන්වා ඇති අතර පරීක්ෂණයෙන් පසු වරදක් හඳුනාගතහොත්  අදාළ වෛද්‍යවරයාට එරෙහිව විනය පියවර ගන්නා බවද බවසා තිබේ.

වෛද්‍ය හසංජය ගුණවර්ධන ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මින් ඉහත පුහුණුව ලැබූ වෛද්‍යවරයෙකි. Gastroenterological Surgeon (ආමාශ ආන්ත්‍රික ශල්‍ය වෛද්‍ය)  ඔහුගේ නම ඉදිරියේ ඇති සුදුසුකම් සැලකීමේදී  MBBS ( Col ), MS ( Col ) , FRCS ( Edinburgh ), FRCS ( Glasgow ) ඇතැයි සඳහන්කර ඇත. ඔහු SLMC - 10197 යටතේ ලියාපදිංචි වී ඇති වෛද්‍යවරයෙකි.

සිද්ධියට අදාළ පෙර ලිපිය
විවාහ වී දින 17යි පිත්තාශයේ ගල ඉවත් කරන සැත්කමෙන් පසු ජීවිතයෙන් සමුගත් බුද්ධිකා