
බුද්ධික ප්‍රසාද් නොහොත් ‘ආමි සුරංග’ සහ චාමර චතුරංග යන පාතාල කල්ලිකරුවන් දෙදෙනා ඊයේ රාත්‍රියේ මුල්ලේරියාව පොලිස් බල ප්‍රදේශයේ වල්පොල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
සැකකරුවන් සතුව තිබී විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ආමි සුරංග පාතාල කල්ලි සාමාජිකයෙකු වන අතර ඔහු මීට පෙරද අපරාධ සම්බන්ධ සිද්ධීන් රැසකට අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගිනි අවියක් සමඟ ඔහු පැළියගොඩ අපරාධ කොට්ඨාශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
2020 වසරේදී මිරිහාන අපරාධ කොට්ඨාශය විසින් ව්‍යාජ පොලිස් හැඳුනුම්පතක් භාවිත කිරීම සම්බන්ධයෙන් ආමි සුරංග අත්අඩංගුවට ගනු ලැබුවා.
ඔහු 2014 වසරේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි වූ වැල්ලම්පිටිය උමගිලිය ක්‍රීඩාංගණයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියක සැකකරුවෙකි.
මුල්ලේරියාව පොලිසිය පරීක්ෂණ පවත්වයි.
Comments
Post a Comment
Your comment will be visible after approval