government-service-social-media

රජයේ නිලධරයන්ගේ නිල ඇඳුම් සම්බන්ධයෙන් පසුගියදා නිකුත් කළ චක‍්‍රලේඛයට අමතරව  සමාජ මාධ්‍ය ජාලා වෙත අදහස් ප‍්‍රකාශ කිරීමට නීති හඳුන්වා දෙමින් චක‍්‍රලේඛ දෙකක් නිකුත් කිරීමට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

රජයේ නිලධරයන් විසින් සමාජ මාධ්‍ය ජාලා වෙත අදහස් ප‍්‍රකාශ කිරීමේදී 2019.02.27 දිනැති රාජ්‍ය පරිපාලන චක‍්‍රලේඛ 6/2019 මගින් සංශෝධිත ආයතන සංග‍්‍රහයේ වගන්ති සහ ‘‘ජනමාධ්‍යයන් වෙත ප‍්‍රකාශ නිකුත් කිරීම’’ යන මැයෙන් නිකුත් කරන ලද 2015.01.29 දිනැති රාජ්‍ය පරිපාලන චක‍්‍රලේඛ 4/2015 වෙත අවධානය යොමු කරවන බව එහි සඳහන්වේ.

 වගන්තීන්හි දැක්වෙන විධිවිධාන අනුගමනය නොකර රජයේ නිලධරයකු විසින් සමාජ මාධ්‍ය ජාලා වෙත අදහස් දැක්වීම  විනයානුකූලව කටයුතු කිරීමට හේතුවන වරදක් යයිද එහි දැක්වේ.

එම චක‍්‍රලේඛය පහතින්