
ලංකා විදුලි බල මණ්ඩලය පෞද්ගලික විදුලිබලාගාර හරහා මෙගාවොට් 270ක ව්දුලියක් මිලදී ගැනීමට තීරණය කර තිබේ.
නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ තෙවැනි විදුලි ජනන ඒකකයේ සිදු වූ දෝෂයක් හේතුවෙන් ඊට අදාළ අලුත්වැඩියා සඳහා එය දින හතක කාලයක් වසා දැමීමට පසුගියදා තීරණය කෙරිණි.
ඒ අනුව එම කාලය තුළදී අමතර විදුලි කප්පාදුවක් සිදු නොකර විදුලිය සැපයීම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා විදුලි බල මණ්ඩලයට අවශ්‍ය විදුලිය පෞද්ගලික සමාගම් හරහා ලබා ගැනීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව පසුගියදා අනුමැතිය ලබා දී තිබුණි.
ඇඹිලිපිටියේ පිහිටි ACE Power විදුලි බලාගාරය මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරික හැරී ජයවර්ධන මහතාට අයත් එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී සමාගම මගින් ක්‍රියාත්මක කරවන ඩීසල් ඉන්ධන දහන තාප විදුලි බලාගාරයකි.
ඒ අනුව CEB මෙහිදී කැලණිතිස්ස තාප විදුලි බලාගාරයෙන් සහ ඇඹිලිපිටියේ පිහිටි ACE Power විදුලි බලාගාරයෙන් එම ව්දුලිය මිලදී ගැනීමක් සිදු කරනු ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval