gem-jewellary-rathnadeepa

ඇමෙරිකානු ඩොලර් 3000 ක් දක්වා වටිනාකමකින් යුතු මැණික් සහ ස්වර්ණාභරණ මාර්ගගත ක්‍රමය ඔස්සේ (ඔන් ලයින්) අපනයනය කිරීමේ ක්‍රමවේදය මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පසුගියදා හඳුන්වාදෙන ලදි.



දිවයිනේ ඕනෑම තැපැල් කාර්යාලයක් මගින් රේගුවේ මූලික කටයුතු සිදුකර ගැනීමෙන් පසුව,මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ වෙබ් අඩවියට පිවිසීමෙන් මාර්ගගත ක්‍රමය ඔස්සේ මැණික් සහ ස්වර්ණාභරණ අපනයනය කළ හැකි බව එම අධිකාරිය සඳහන් කරයි. මෙම වැඩපිළිවෙළ වැවිලි කර්මාන්ත සහ කර්මාන්ත ඇමැති රමේෂ් පතිරණගේ ප්‍රධානත්වයෙන් ගාල්ලේදී පසුගියදා ආරම්භ කෙරිණි.



මැණික් හා ස්වර්ණාභරණ අපනයනය කිරීමෙන් පසුගිය වසරේදී (2021) ඩොලර් මිලියන 264 ක ආදායමක් උපයා ඇති බවත්,මෙරට මැණික් කර්මාන්තයේ ඉතිහාසයට අනුව එය ඉතා අඩු ආදායම් තත්ත්වයක් බවත්,මාර්ගගත ක්‍රමය ඔස්සේ මැණික් හා ස්වර්ණාභරණ අපනයනයට අවස්ථාව ලබාදීමෙන් පසුව උපයන ඩොලර් උන්ඩියල් ක්‍රමවලින් තොරව හරි ක්‍රමයට ලංකාවට රැගෙන ඒමට අපනයනකරුවන්ගේ වගකීමක් බවද ඇමැති රමේෂ් පතිරණ පැවසීය. 
අපනයනයට කැමති අයට තමන්ගේ දැන්වීම පළ කිරඑීමට රත්නදීප වෙබ් අඩවියෙන් හැකි අතර එහි යොමුව පහතින්
https://rathnadeepa.ngja.gov.lk/