
පනාගොඩ යුද හමුදා කඳවුරේ කාලතුවක්කු බළකායේ සේවයේ නියුතු යුද හමුදා භටයෙක් තම 17 හැවිරිදි පුත්‍රයාගේ පිහි පහරකින් ජීවිතක්‍ෂයට පත්ව ඇත.
මෙසේ මියගොස් ඇත්තේ ඌරුබොක්ක හැඳිඅළුව පාර පදිංචි පතිස්ආරච්චිගේ ප්‍රසන්න කුමාර 39 හැවිරිදි දෙදරු පියෙකි. පුතා විසින් උගස් කරන ලද තම යතුරුපැදිය පොලිය සමග දී නිදහස්කර ගැනීමට මුදල් පියාගෙන් ඉල්ලීම නිසා දෙදෙනා අතර ඇතිවූ බහින්බස්වීම දුරදිග යෑමෙන් පුතා විසින් පියාට පිහියෙන් ඇන මෙම මරණය සිදුකර ඇති බව ඌරුබොක්ක පොලිසිය සඳහන් කරයි.
සිද්ධියට සම්බන්ධ සැකකාර පුතා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මොරවක මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර ඌරුබොක්ක පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.
Comments
Post a Comment
Your comment will be visible after approval