police-deshabandu

බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනකු ලබන 15 වැනි දින තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ 8 වැනිදා නියෝග කළේය.



මෙම සැකකරුවන් හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීම සඳහා ආවරණ සහිතව අධිකරණයට ඉදිරිපත් කර තිබුණද, නඩුවේ සාක්ෂිකරුවන් වන පොලිස් නිලධාරීන්ට වෛරස් උණ රෝගය වැලඳී ඇති බවට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කළ දැනුම්දීම සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ පෙරෙට්ටුව අවලංගු කළේය.

ඉකුත් මැයි 10 වැනිදා ප්‍රචණ්ඩකාරී සිද්ධීන් වන අවස්ථාවේදී බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ව අල්ලාගෙන පහර දුන් බවට කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඉකුත්දා අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් තිදෙනකු එලෙස රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝගය කළේය.

(ඉෂාර රත්නකාර)