gampaha-yagoda-train-accident

ගම්පහ, යාගොඩ දුම්රිය හරස් මාර්ගයේදී නුවර – කොළඹ නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියේ මෝටර් රථයක් ගැටී අනතුරක් සිදු වී තිබේ.




දුම්රියේ ගැටුණු මෝටර් රථය යාගොඩ දුම්රිය ස්ථානය තුළට දුම්රියත් සමග ඇදී පැමිණ අතර එය යාගොඩ දුම්රිය ස්ථානයේ දුම්රිය ත් වේදිකාව ත් අතර සිර වී ඇති අයුරු දැකගත හැකි විය.දුම්රිය හරස් මාර්ගය, යාගොඩ දුම්රිය ස්ථානය අසල ම පිහිටා ඇත.
ගනේමුල්ල පොලිසිය සඳහන් කළේ, දුම්රිය ගේට්ටු වසා තිබියදී අදාළ මෝටර් රථය දුම්රිය මාර්ගය හරහා පදවා ඇති බව ය.
එම අනතුරින් මෝටර් රථයේ ගිය  41 හැවිරිදි ගම්පහ, ඉහළ යාගොඩ ප්‍රදේශයේ පදිංචි සුජිත් හර්ෂණ නමැති ව්‍යාපාරිකයකු මියගොස් ඇතැයි පොලිසිය පැවසීය.
පොලිසිය තිබෙනවා කිව්වත් අදාළ ස්ථානයේ දුම්රිය ගේට්ටු නොමැති අතර, සයිරන් නළා ශබ්දය නාද වෙද්දී අදාළ මෝටර් රථය දුම්රිය මාර්ගය හරහා ධාවනය කිරීමට යෑමේදී අනතුර සිදුව ඇත.
දුම්රියේ ගැටුණු මෝටර් රථය යාගොඩ දුම්රිය ස්ථානය තුළට දුම්රියත් සමග ඇමිණී පැමිණ තිබේ.
අනතුරින් මෝටර් රථයට අලාභ හානි සිදු වී ඇති අතර අපරික්ෂාකාරී ලෙස මෝටර් රථය දුම්රිය මාර්ගයට ඇතුළු කිරීම හේතුවෙන් මෙම අනතුරුව සිදු වී ඇත.
අනතුර හේතුවෙන් ප්‍රධාන දුම්රිය මාර්ගයේ යම් ප්‍රමාද වීමක්ද සිදුවිය.