
කොවිඩ් එන්නත් මිලියන 7.5ක තොගයක් වසංගත රෝග අංශය සතුව පවතින අතර එන්නත් ඔක්තෝබර් 31 වන දිනෙන් කල් ඉකුත්වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
වර්ධක මාත්‍රාව ලබා ගෙන නොමැති වයස අවුරුදු 20ට වැඩි පුද්ගලයන් වහාම අදාළ එන්නත් මධ්‍යස්ථානයන් වෙත ගොස් එය ලබා ගන්නැයිද වසංගත රෝග විද්‍යා අංශය ඉල්ලිමක් කරයි
අවුරුදු 20ට වැඩි ජනගහනය මිලියන 14.2ක සිටින නමුත් මින් කොවිඩ් පළමු වර්ධක මාත්‍රාව මිලියන 8. 17 පිරිසක් ලබා ගෙන නොමැති බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ සඳහන් කරයි.
වසර අවසාන වන විට සංචරණය වැඩි වීම හා යුරෝපා රටවල සීත සෘතුව පැමිණීමත් සමග නැවත කොවිඩ් වයිරසය පැතිර යා හැකි බැවින් වර්ධක මාත්‍රාව ලබා නොගත් පිරිස් ඒ සඳහා යොමු වන්නැයි සමිත ගිනිගේ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
විශේෂයෙන්ම වයස අවුරුදු 60ට වැඩි සහ නිදන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයන් එන්නත්කරණයට යොමු වීමෙන් සංකූලතාවන් සහ මරණ අඩුකර ගත හැකි බව ඔහු පෙන්වා දෙයි
එළඹෙන සෙනසුරාදාවන් 4ක් තුළ සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයකම එන්නත් මධ්‍යස්ථාන 3 බැගින් ආරම්භ කර කඩිනම් එන්නත්කරණයක් සිදුකරන මෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් උපදෙස් දුන් බවද හෙතෙම පැවසීය.
මේ අනුව සැප්තැම්බර් 17, 24, හා ඔක්තෝබර් 1 සහ 8 යන සෙනසුරාදා දිනයන් හි මෙම විශේෂ එන්නත් මධ්‍යස්ථානයන් ක්‍රියාත්මක වනු ඇති.
(වරුණි පෙරමුණ / ශ්‍රියානි විජේසිංහ)
Comments
Post a Comment
Your comment will be visible after approval