gama-samaga-pilisandara-review

ජාතික ප්‍රතිපත්තියකින් තොරව දේශපාලනිකව ගනු ලබන තීන්දු තීරණ මත ආරම්භ කරනු ලබූ බොහොමයක් සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් මෙරට තුළ ගණනය කිරීමට නොහැකි ආකාරයෙන් මුදල් නාස්තියක් සිදුව තිබේ.


ඒ නිසාම මෙරට විශාල වශයෙන් විදේශයන්ට තිබෙන ණයබරද වැඩි වීම මත, මේ වනවිට රටපත්වී ඇති ආර්ථික  අර්බුදයටත් එය ප්‍රබල හේතුවක් බව පෙන්වාදිය හකිය. ඒඅතර රුපියල් මිලියන ගණනක මුදල් වියදම් කර තබන ලද මුල් ගල් ,වැඩ ආරම්භ කර අතරමග නවතා තබා ඇතිවපතිද ප්‍රබල හේතුවක් වී තිබේ. මේ ආකාරයෙන් මත කාලයේදී මෙරට ක්‍රියාත්මක වූ තවත් එක් සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ආරම්භ කරන ලද 'ගම සමග පිළිසඳර සංවර්ධන ව්‍යාපෘතිය පෙන්වා දිය හැකිය.

දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 17ක් තුළ ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන්ද විවිධ අදහස් දක්නට ලැබුණි. මේ නිසාම එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ තොරතුරු ලබාගනිමින්, කරුණු සොයා බැලුවෙමු.

මග හිටිය සංවර්ධනය මෙම සොයා බැලීම සදහා ගම සමග පිළිසඳර වැඩසටහන් පැවැති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 17 අතුරින් එම වැඩසටහන් පැවැත්වූ මොනරාගල, මහනුවර, පොළොන්නරුව, කෑගල්ල, බදුල්ල, අම්පාර යන දිස්ත්‍රික්ක 06ක දිස්ත්‍රික් ලේකම් කාර්යාල සඳහා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම භාවිත කරමින්, අවස්ථා දෙකකදී එම වැඩසටහන් මගින් ලබාදුන් තීන්දු තීරණ සම්බන්ධයෙන් විමසා,

පසුව ඒවා ක්‍රියාත්මක කර ඇති ආකාරයන් සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා අයදුම්පත් යොමු කළෙමු. එහිදී එම දිස්ත්‍රික් ලේකම් කාර්යාල මගින් ලබාදුන් තොරතුරු විශ්ලේෂණය කිරීමේදී එම ව්‍යාපෘතියේ මේ වනවිට වැඩ අවසන් කර ඇත්තේ 29%ක පමණ ප්‍රමාණයක් බව අනාවර්තනය කර ගැනීමට හැකි විය.

කෙසේ නමුත් මෙම තොරතුරු විමසීමේදී අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තොරතුරු දැනගැනීමේ ව්‍යවස්ථාපිත අයිතිවාසිකමට පිටුපාමින්, එම තොරතුරු ලබාදීමට කටයුතු කෙරේ නැත. අනෙකුත් දිස්ත්‍රික්ක 5ක දිස්ත්‍රික් ලේකම් කාර්යාල මගින් ලබාදුන් තොරතුරුවලට අනුව මේ වන විට තවමත් වැඩ අවසන් කරගැනීමට නොහැකි වීමෙන් ක්‍රියාත්මක කරමින් තිබෙන ප්‍රමාණය 61%ක් හා විවිධ හේතුන් මත ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නොවන ප්‍රමාණය ලෙස 10%ක් බව අනාවරණය විය.එමෙන්ම ඉහතින් සඳහන් කළ ආකාරයෙන් ආරම්භ කරන ලද සංවර්ධන ව්‍යාපෘතිවලින් විසඳුම් ලබා දී ක්‍රියාත්මක කර තිබෙන 29%ක ව්‍යාපෘති අතර බොහොමයක් සුළු සංවර්ධන ව්‍යාපෘතිවන අතර,


විශාල මුදල් පිරිවැයක් දරමින් ආරමිභ කරන ලද ව්‍යාපෘති බොහොමයක් මේ වන විට මග නතරකරතිබේ. ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලබාදුන් තොරතුරුවලට අනුව ගම සමග පිළිසදරක්" වැඩසටහන යටතේ මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් නිදහස් කරන ලද රුපියල් 74,000,000.00ක මුදල් ප්‍රතිපාදන යටතේ 2021.4.28 දින වැඩ ආරම්භ කරන ලද මාතලේ දිස්ත්‍රික්කයේ හෙට්ටිපොළ රෝහලේ කාන්දුකරණ ඒකකය ඉදිකිරීම අත්තිවාරමකට පමණක් සීමා වී තිබේ. ඒ පිළිබද තොරතුරු දැනගැනීමට මාතලේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සම්බන්ධ කර ගැනීමට අවස්ථා කීපයකදී උත්සාහ කළත්, එම දුරකථනයට පිළිතුරු දුන් නිලධාරින් අධ්‍යක්ෂවරයා සම්බන්ධ කිරීමට කටයුතු නොකළේය. 

 

මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එම්.එන්.වීරසූරිය මහතාගෙන් සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී ඔහු කියා සිටියේ මෙවන් අදහසකි. "මේක ඇස්තමේන්තු හැදුවේ රටේ මේ ආර්ථික ප්‍රශ්න එන්න පෙරයි. මේ වනවිට සිමෙන්ති, යකඩ ඇතුළු ද්‍රව්‍යවල මිල හතරපස් ගුණයකින් වැඩි වෙලා. අදාළ කොන්ත්‍රාත් සමාගමට ගිවිසුම්ගත ඇස්තමේන්තුවට අනුව මේකෙ වැඩ සිදුකරන්න බැරී නිසා තමයි නතර කරලා තියෙන්නේ.” කෙසේන්වෙතත් එම ප්‍රදේශයේ ජනතාවට ප්‍රතිකාර වෙනුවෙන් වකුගඩු ඒකකයක අවශ්‍යතාවය දැඩි සේ පවතින බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

මේ ආකාරයෙන් දැරණියගල රෝහලට X-ray, කනත්‍ර ලබාදීමට කටයුතු කරන බව මෙම වැඩසටහන තුළදී නිර්දේශ වී තිබුණත්වම X-ray යන්ත්‍රය හෝ ගොඩනැගිල්ලක්වත් මේ වන තෙක් එම රෝහලට ලැබී නොමැති බව එහි ස්ථාන භාර වෛද්‍ය නිලධාරී ප්‍රකාශ කර සිටියේය.

කුරුගල දිස්ත්‍රික්කයේ වසර 20කට අධික කාලයක් තිස්සේ ප්‍රතිසංස්කරණ කටයුත්තක් සිදුනොකරන ලද දික්වැල්ලකන්ද, උඩමාලිබොඩ, රන්දෙනිය දක්වා මාර්ගයේ කිලෝමීටර් 5 පමණ දිගැති මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම හා මාර්ගයට බස් රථයක් යෙදවීම මෙම වැඩසටහන මගින් ආරම්භ කරනු ලැබුවත්, එයද මේ වනවිට නතරකර තිබෙන බව දික්වැල්ලකන්ද ප්‍රදේශයේ පදිංචි එච්.ඒ.වී ධර්මවර්ධන මහතා පැවසීය. "හරියට පාරක් නැති නිසා අපේගමට බස් එකක් ආවෙ නෑ. 'ගම සමග පිළිසදරක්" වැඩසටහන තිබිබට පස්සේ පාර හදන්න පටන් ගත්තා. සති දෙකක් අපේමට බස්එක ආවා. දැන්ර හදන එකත් නැවතිලා, බස්එක ගමට එන එක නැවතිලා. සල්ලි වියදම් කරලා සංදර්ශනයක් විතරයි. අදටත් බස් එකේ බෝඩ් එකේ දික්වැල්ල කන්ද කියල තියෙනවා. නමුත් එක එන්නේ උඩමාලිබොඩට විතරයි.

මේ තත්වය මත පවුල් 218ක පමණ ජනතාවට, විශේෂයෙන්ම පාසල් දරුවන් හට බසයට නැගීමට කිලෝමීටර් තුනක් හතරක් පයින් යාමට සිදුවී තිබෙනවා.”මේ ආකාරයෙන් වැඩ නතර කර තිබෙන හෝනිසි අයුරින් සංවර්ධන කටයුතු සිදුනොකරන ලද ව්‍යාපෘති අතර රුපියල් 132,190.00ක වියදමින්වැඩ ආරම්භ කළ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය මැදවච්චිය (බක්මීගම) විද්‍යාලයේක්‍රීඩා පිටිය ප්‍රතිසංස්කරණය, බණ්ඩාරවෙල හල්දුම්මුල්ල රන්වන්ගුහාව ජල උල්පත් සංවර්ධනය කර ජලය ලබාදීම, කොස්ලන්ද, මීරියබැද්ද, නාකටිය ඇතුළු ප්‍රදේශ කීපයක ජල යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම ඇතුළු අනෙකුත් දිස්ත්‍රික්කයන්හිද සංවර්ධන ව්‍යාපෘති නවතා දමා තිබේ.මහනුවර දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති අතර රුපියල් කෝටි විසිදෙකකට අධික මූල්‍ය ප්‍රතිපාදන මත මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ආරම්භ කෙරුණු මීමුරේ පිවිසෙන මාර්ගයේ වැඩ අවසන් කර ඇත්තේ,

කයිකාවල කනිෂ්ඨ විද්‍යාලයේ සිට මීමුරේ ගම්මානය දක්වා වූ කිලෝමීටර් 4ක් පමණ වූ ප්‍රදේශයක් පමණි. ඒ ජනාධිපතිවරයා එදින ගමන් ගත් මාර්ගය වේ. එම මාර්ගයද නිසි ප්‍රමිතියකින්  තොරව ඉදිකෙරුණු බව ප්‍රදේශයේජනතාව පවසා සිටී. එමෙන්ම හුන්නස්ගිරියේ සිට මීමුරේ දක්වා කිලෝමීටර් 34ක් පමණ මාර්ගයද මේ සමග සංවර්ධනය කිරීමට නියමිතව පැවතුණත්, එයද පැලැස්තර ගැසීමකට පමණක් සීමා වී ඇති බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

එමෙන්ම 'ගම සමග පිළිසදරක්" වැඩසටහන යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ පැවැති අනෙකුත් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතාගෙන් සිදුකළ විමසීමකදී ඔහු කියා සිටියේ, ම්මුරේ ග්‍රාමසේවා වසම් හයක් පමණ ඉලක්ක කරමින් සිදුකෙරුණු සංවර්ධන වැඩසටහන් බැවින්, ඒ ගම්මානයට අදාළ සංවර්ධන ව්‍යාපෘති බොහාමයකගේ වැඩ අවසන් කර තිබෙන බවයි. ඉහත දිස්ත්‍රික්ක පහක පමණක් තොරතුරු විශ්ලේෂණයකිරීමේදී පැහැදිලිව බදුල්ල දිස්ත්‍රික්කයේ ඉදිරිපත් වූයෝ අතුරින් ක්‍රියාත්මක කිරීමට හැකි වී ඇත්තේ 53%ක ප්‍රමාණයක් පමණක් බවයි. කෑගල්ල දිස්ත්‍රික්කයේ ඉදිරිපත්වූ යෝජනා අතුරින් ක්‍රියාත්මක කිරීමට හැකි වී ඇත්තේ 16%ක් පමණ වේ. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඉදිරිපත් වූ යෝජනා අතුරින් ක්‍රියාත්මක කිරීමට හැකිවී ඇත්තේ 27%කි.

මහනුවර 25%, මොනරාගල 32%ක් පමණ මේ වනවිට ක්‍රියාත්මක කර තිබේ. එමෙන්ම 'ගම සමග පිළිසදරක්" වැඩසටහන් අදාළ දිස්ත්‍රික්කයන්හි සංවිධානය කිරීම වෙනුවෙන් සිදුකළ වියදම සම්බන්ධයෙන්ද තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ අදාළ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් විමසීමක් කළ අතර, එයට පිළිතුරු දෙමින්ජනාධිපති ලේකම් කාර්යාලය පවසා ඇත්තේ එම තොරතුරු අදාළ දිස්ත්‍රික්කයන්හි දිස්ත්‍රික් ලේකම් කාර්යාල මගින් ලබාගන්නා ලෙසයි. 

ඒ අනුව අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාල මගින්  තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේවිමසීමක් කළ අතර, ඒ සඳහා පිළිතුරු ලබාදෙමින් පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් පවසා ඇත්තේ දිස්ත්‍රික් ක්ලේකම් කාර්යාල මගින් කිසිදු වියදමක් දරා නොමැති බවයි. එමෙන්ම එම වියදම් දැරුවේ කෙසේද යන්න පිළිබදවද පැහැදිලි කිරීමට පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය කටයුතු කර නොමැත. මොනරාගල දිස්ත්‍රික් ලේල්කම් කාර්යාලය මගින් ලබාදුන් තොරතුරු අනුව එම උත්සවය සංවිධානය කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ හා ප්‍රධාන දේශපාලන අධිකාරිය හා ප්‍රදේශයේ ජනතාව විසිනි. මහනුවර හා අම්පාර යන දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් මෙම වියදම් සම්බන්ධය තොරතුරු ලබාදීම මගහැර තිබේ. බදුලේ උත්සවය කරපු හැටි බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් ලබාදුන් තොරතුරු අනුව 2020.10.25 දින එම දිස්ත්‍රික්කයේ වෙලවිට ග්‍රාම නිලධාරී වසමේ පැවැති උත්සවය වෙනුවෙන් රුපියල්හයලක්ෂ පනස්දහසකට අධික මුදලක් වැය කර තිබෙන අතර,

එම මුදල් වැය කර ඇ ත් සංග්‍රහ වියදම් ලෙස රුපියල් 156,547ක් හා නානකාමරයක් සෑදීම වෙනුවෙන් රුපියල් 500,000ක් වශයෙනි. එසේ වියදම් කරන ලද මුදල් රුපියල් 598,250ක් ලබාදී ඇ ත්තේ පළාත් සභා මුදල් ප්‍රතිපාදන යටත්වන අතර, අනෙකුත් මුදල වන රුපියල් 58,297ක මුදල් ලබාගෙන ඇත්තේ ප්‍රදේශයේ ග්‍රාම සංවර්ධන සමිති මගින් රුපියල් දසදහස බැගින් එකතු කරගැනීමෙන් බව අනාවරණය විය. එමෙන්ම අනෙකුත් දිස්ත්‍රික්ක සම්බන්ධයෙන් සිදුකළ සොයා බැලීමේදී අනාවරණය කර ගැනීමට හැකි වූයේ ප්‍රදේශයේ මහජන නියෝජිතයන්, පළාත්පාලන ආයතනවල විවිධ මුදල් හා ස දෙපයෝගී කරගනිමින් මෙම වැඩසටහන සිදුකර ඇති බවයි. කෙසේ නමුත් මේ වනවිටත් රුපියල් බිලියන ගණනක් මෙම වැඩසටහන වෙනුවෙන් වැයකර අවසානය. නමුත් වැඩ සම්පුර්ණ කිරීමට හැකිවී ඇත්තේ ඉතා අඩු ප්‍රතිශතයකි. මේ රටේ බදුගෙවන මහජනතාවගේ මුදල් විශාල වශයෙන් විනාශ වීමට ඉඩ තිබේ. කුමනරජයකිහෝ වේවා ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් යම් සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ නම්, එය නිශ්චිත අධිරායක් යටතේ අවසන් කර ජනතාවට භුක්ති විදීමට සැලැස්වීම රාජ්‍ය නායකයන් ඇතුළු දේශපාලඥයන්ගේ මෙන්ම, රාජ්‍ය නිලධාරීන්ගේද වගකීමකි. යුතුකමකි.


(රාහුල් සමන්ත හෙට්ටිආරච්චි-අද)