dr-nihal-abeysinghe-speaks

ඖෂධ හිඟය නිසා බොහෝ රෝගීන් දවසක් හැර දවසක් ප්‍රතිකාර ගැනීමට පෙලඹි ඇති බවත් මෙය එතරම් හොඳ තත්ත්වයක් නොවන බවත් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ පැවසීය.

ඊයේ (19 වැනිදා) කොළඹදි පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කීවේය.

මෙම තත්ත්වය හේතුවෙන් ඔවුන් ඉක්මනින් රෝගවලට ගොදුරුවී බරපතළ ගැටලු මතුවිය හැකි බවද රටේ ආර්ථිකය කඩා වැටීම සෘජුවම සෞඛ්‍ය සහ පෝෂණ තත්ත්වයට බලපා ඇති බවද හෙතෙම එහිදී ප්‍රකාශ කළේය.

මෙම තත්ත්වය දිගටම පැවතුනහොත් එය ජනතාවගේ සෞඛ්‍යට සහ දරුවන්ගේ පෝෂණ තත්ත්වයට ඍජුවම බලපාන බව ද විශේෂඥ වෛද්‍යවරයා කීවේය.



මේ වන විට ධාන්‍ය නිෂ්පාදනය සියයට තිස්දෙකයි දශම තුන (32.3%)කින්, තේ නිෂ්පාදනය සියයට දහනවයයි දශම හත (19.7%)කින්, වී නිෂ්පාදනය සියයට පහළොවයි දශම හයකින් (15.6%)කින්, ධීවර කර්මාන්තය සියයට පහළොවයි දශම තුන (15.3%)කින්, සත්ත්ව නිෂ්පාදන සියයට දහතුනයි දශම හය (13.6%)කින් හා එළවළු නිෂ්පාදන සියයට දහතුනයි දශම දෙක (13.2%)කින් කඩා වැටි ඇති බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

එසේම ඖෂධ මිල ගණන් අසීමිත ලෙස ඉහළ යෑම හමුවේ මේ වනවිට පිළිකා රෝගීන් ද දැඩි අසීරුතාවකට පත්ව ඇතැයි මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන ප්‍රකාශ කළේය.



පිළිකා රෝගින්ට ප්‍රතිකාර කරනු ලබන රේඩියෝ තෙරපි යන්ත්‍රවල අඩු පාඩු පවතින බවත් ඒ හේතුවෙන් අපේක්ෂා රෝහලේ රේඩියෝ තෙරපි ප්‍රතිකාරය ගැනීම සඳහා මාස තුනක කාලයක් ​රෝගීන්ට පොරොත්තු ලේඛනයේ සිටීමට සිදුව ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

(වරුණි පෙරමුණ)