dinesh-jayawardane

පසුගිය දිනවල ප්‍රචාරය වූ රූපවාහිනී වැඩසටහනක් හේතුවෙන් සමාජ මාධ්‍ය තුළ පැතිර ගිය විවිධ අදහස් ලංකාවේ ඇදහිලි විශ්වාස ප්‍රශ්න කිරීමකට ලක් කළේය.
පොල්ගෙඩිය මෙතරම් බලගතුද? බිත්තර කඩන එක මැජික් එකක් ද? නාග පිල්ලුවකට නාගයෙක් ඕනිද? වැනි ප්‍රශ්න බොහෝ අය අසන්නට විය.

මෙම හාස්කම් වල සත්‍යයක් තිබෙද යන්න සැකයට භාජනය විය.
දිගු කලෙක පටන් සාම්ප්‍රදායික ක්‍රමවලට මෙවැනි විස්මිත දේ සිදු කරන පුද්ගලයින් ගැන නොයෙකුත් තොරතුරු පැවතුණත් මෙම සිද්ධිය නිසා බොහෝ අයට සියල්ල ගැන අප්‍රසාදයක් පහළ විය.

ගුරුන් වහන්සේලාට සහ ස්වාමි වරුන්ට ඔබත් රැවටුනාද? යනුවෙන් මේ සමග පළවන්නේ මානව හැකියා පුහුණුකරුවකු හා ප්‍රවීණ ජ්‍යොතිර්වේදියෙකු වන දිනේෂ් ජයවර්ධන මහතා මේ ගැන පළ කරන අදහස්ය.