james-web-neptune

එක්සත් ජනපදයේ නාසා ආයතනය මගින් අභ්‍යවකාශගත කර ඇති ජේමිස් වෙබි අභ්‍යවකාශ දුරේක්ෂය මගින් නෙප්චූන් ග්‍රහයාගේ වඩාත් පැහැදිලි ඡායාරූපයක් ලබා ගැනීමට සමත්ව ඇතැයි පවසයි. ඒ අනුව මෙහිදී නෙප්චූන් ග්‍රහයා වටා පිහිටි දූවිලිවලින් සකසුනු වළලු  වඩාත් පැහැදිලිව දැකගත හැකි බව සදහන් වෙයි. ස

ොරග්‍රහ මණ්ඩලයේ සූර්යයාට වඩාත් අතින් පිහිටි ග්‍රහලෝකයක් වන නෙප්චූන් ග්‍රහයා අයිස්වලින් සැකසුණු දැවැත්ත ග්‍රහලොවකි. නෙප්චූන් සම්බන්ධයෙන් දශක ගණනාවකට පසුව මෙවැනි ඡායාරූපයක් ගත් පළමු වැනි අවස්ථාවද මෙය වෙයි.මීට පෙර නෙප්චූන් ග්‍රහයාගේ පැහැදිලි ජායාරූපයක් ලබාගෙන තිබුණේ 1989 වසරේදී සිදු කෙරුණු නාසා ආයතනයේ Voyager 2 අභ්‍යාවකාශ යානා මෙහෙයුම මගිනි. එසේම එතක් මෙතෙක් නෙප්චූන් ග්‍රහයා සමීපයෙන් ගමන් කළ එකම අභ්‍යවකාශ යානාව වන්නේද Voyager 2 යානයයි. මෙම නවතම ඡායාරූප සම්බන්ධයෙන් අදහස් දක්වන යුරෝපියානු අභ්‍යවකාශ ඒජන්සියේ විද්‍යා සහ ගවේෂණ පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු වන මාක් මැකෝරෙන්, ජේම්ස් වෙබ් දුරේක්ෂය මගින් ලබාගත් මෙම අධෝරක්ත ඡායාරූපය මගින් නෙප්චූන්ගේ වායුගෝලය පිළිබදව තවදුරටත් තොරතුරු අනාවරණය කරගන්නට හැකිවනු ඇතැයි පවසා සිටියි.