milco-ambewela-fuel

මිල්කෝ සමාගමට අයත් අඹේවෙල කර්මාන්ත ශාලාවේ ඩිසල් ලීටර් 45,000 කට අධික ප්‍රමාණයක් 2021 වසරේ සිට පෞද්ගලික ඉන්ධනහල්වලට විකුණා ඇති බව මිල්කෝ සමාගමේ සභාපති රේණුක පෙරේරා මහතා පැවැසීය.   මෙම මහා පරිමාණ ඉන්ධන වංචාවට සම්බන්ධ සියලු සේවකයන් පිළිබඳව පූර්ණ විමර්ශනයක් කර,

චෝදනා ලබන සේවකයන් අනිවාර්ය නිවාඩු යැවිමට තීරණය කර ඇති බව ද රේණුක පෙරේරා මහතා කීවේය. මිල්කෝ ආයතනයේ අඹේවෙල කම්හලේ ඩීසල් ලීටර් 45,000 කට අධික ප්‍රමාණයක් 2021 සිට පෞද්ගලික ඉන්ධනහල්වලට විකුණා ඇති බවට ලැබුණු තොරතුරකට අනුව මෙම පරි මණය සිදුකෙරෙන බව ද සභාපතිවරයා කෘෂිකර්ම, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාට ද දැනුම් දී ඇත.

මෙම ඩීසල් වංචාව සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් වංචාවට සම්බන්ධ බවට චෝදනා එල්ල වන සියලු සේවකයන් විමර්ශන අවසන් වන තෙක් අනිවාර්ය නිවාඩු යැවීමට පියවර ගන්නා බවත් රේණුක පෙරේරා මහතා කෘෂිකර්ම අමාත්‍යවරයාට දැනුම් දී තිබේ. මේ අතර මෙම ඉන්ධන වංචාව මේ වර්ෂයේදීත් සිදුවී තිබේ දැයි සොයා බලන ලෙස කෘෂිකර්ම අමාත්‍යවරයා මිල්කෝ සභාපතිවරයාට උපදෙස් දී ඇත.