
මේ සම්බන්ධයෙන් රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් විමර්ශන කමිටුවක් පත්කර තිබේ.
මෙම වෛද්‍යවරයා රෝහල් රසායනාගාරයෙන් බාහිර පුද්ගලයන්ගේ රුධිර හා මුත්‍ර පරීක්ෂණ කර ඇත්දැයි විමර්ශනය කරන බවද බදුල්ල රෝහලේ උසස් නිලධාරියකු සඳහන් කළේය.
මෙම වෛද්‍යවරයා සම්බන්ධයෙන් අපක්ෂපාතී විමර්ශනයක් සිදුකර වරදක් කර ඇත්නම් ගත හැකි උපරිම ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඌව පළාත් ශාඛාවද රෝහල් පාලනාධිකාරියෙන් ඉල්ලීමක් කර ඇත්තේ අරුණ පුවත පදනම් කරගෙනය.
මේ අතර මෙම වෛද්‍යවරයාගේ මත්පෙති ජාවාරම පිළිබඳ බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි අපොන්සුගේ උපදෙස් මත බදුල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ලගේ මෙහෙයවීම මත පුළුල් පොලිස් මෙහෙයුමක්ද ආරම්භ කර ඇත.
බදුල්ල වේවැල්හින්න මාර්ගයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන බදුල්ල රෝහලේ වෛද්‍යවරයෙකුගේ මත්පෙති ජාවාරමක් ගැන අරුණ අනාවරණය කළේ පසුගිය (2 වැනිදා) ය.
(එෆ්.අස්ලම්)
Comments
Post a Comment
Your comment will be visible after approval