australia-india

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය ආරම්භ කරමින් පැවැති පළමු විස්සයි20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 04ක පහසු ජයක් ලැබීමට ඔස්ට්‍රේලියාවට හැකි විය. කැමරන් ග්‍රීන්ගේ තුන්ඉරියව් දක්‍ෂතා ඔස්ට්‍රේලියානු ජයග්‍රහණයට හේතු වූ ප්‍රධානම සාධකය වූ අතර, ඔහු ලකුණු 209ක දැවැන්ත ඉලක්කයක් හඹ යෑමේදී කණ්ඩායමට සාර්ථක ආරම්භයක් රැගෙන එමින්, පන්දු 30කින් ලකුණු 61ක් රැස් කිරීමට සමත් විය. මොහාලිහිදී පෙරේදා (20දා ) රාත්‍රියේ පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව ලකුණු 209ක අභියෝගයක් ඔස්ට්‍රේලියාවට ලබා දුන්නේය. මෙහිදී සිය හුරුපුරුදු ප්‍රහාරාත්මක පිතිහරඹය දියත් කළ හෘදික් පන්ඩ්‍යා නොදැවී ලකුණු 71ක් ඉන්දීය ඉනිමට එක් කළ අතර, ඒ වෙනුවෙන් ඔහු මුහුණ දුන්නේදපන්දු 35කට පමණි.

හයේ පහර 04කින් හා හතරේ පහර 02කින් පාන්ද්‍යාගේ ඉනිම වර්ණවත් විය. එමෙන්ම කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ගෙන දුන් කේ.එල්. රාහුල් පන්දු 35කින් ලකුණු 55ක් රැස් කළ අතර, ඔහුට අගනා සහායක් දුන් සූර්යකුමාර් යාදවී ලකුණු 46ක් රැස් කිරීමට සමත් විය. යාදව්ගේ ඉනිම පන්දු 25කින් ගොඩනැගුණු අතර, ඊට හයේ පහර 04ක් හා හතරේ පහර 02ක් ඇතුළත් විය පන්දු යැවීමේදී නේදන් එලිස් (3/30,04) හා ජෝෂ් හේස්වුඩ් (2/39, 04) දක්‍ෂතා දැක්වූහ. විස්සයි20 ක්‍රිකට් ඉතිහාසයේ ඉන්දියාවට එරෙහිව හඹා ගොස් ලබාගන්නෝ ඉහළම ජයග්‍රහණයේ බලාපොරොත්තුවෙන් පිළිතුරු ඉනිම ආරම්භ කළ ඔස්ට්‍රෙලියානු කණ්ඩායම තරගයේ අවසන් පන්දුවාරයේදී (19.2) ජයග්‍රහණය සම්පුර්ණ කර ගැනීමට සමත් විය. එය ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ඉතිහාසයේ හඹා ගොස් ලැබූ දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසද වාර්තා අතරට එක්විය. ජයග්‍රහණයේ ප්‍රධාන කොටස්කරුවා වූ කැමරන්ගේ ඉනිමට (61) හයේ පහර 04ක් හා හතරේපහර 08ක් ඇතුළත් විය. අඩි 06යි අඟල් 04ක් උසැති 23 හැවිරිදි ග්‍රීන්ගේ දෙවැනි විස්සයි20 තරගය මෙයවීමද සුවිශේෂී වෙයි. කෙසේනමුත් ඔස්ටට්‍රෙලියාව ලබාගත් සාර්ථක ආරම්භය මැදපෙළින් කඩා වැටුණු අතර,

තරගයේ 15වැනි පන්දුවාරය ක්‍රියාත්මක වන විට ලකුණු පුවරුව දිස් වූයේ 145/5ක් ලෙසිනි. ඒ වන  ඔවුන් පන්දු 35කින් ලකුණු 64ක් රැස් කළ යුතුවිය. නමුත් ඉන්දීය බලාපොරොත්තු බිඳදැමූ මැතිව් වේඩ් පන්දු 21කින් නොදැවී ලකුණු 45ක් රැස් කරමින් පරාජය දෙසට දෝලනය වූ ඉනිම ජයග්‍රාහී කඩයිම දක්වා රැගෙන ගියේය. ඔහු නවක ක්‍රීඩක ටිම් ඩේඩ් සමගින් ලකුණු 64ක සබඳතාවක් පවත්වමින් ජයග්‍රහණය පහසු කළේය. සිංගප්පූරුව නියෝජනය කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට අවතීර්ණ වූ ස්විඩ්, එරට අතහැර ඔස්ට්‍රෙලියාව බලා සංක්‍රමණය වීමෙන් පසු ක්‍රීඩා කළ පළමු විස්සයි20 තරගය මෙය විය.ඉන්දියාව වෙනුවෙන් අක්කාර්ටෙල් (3/17,04) දක්‍ෂ පන්දු යැවීමක නිතර වුවද, සෙසු පන්දුයවන්නන්ට ඉන්දියාව දිනවන පන්දු යැවීමක නිරත වීමට නොහැකි විය. විශේෂයෙන් ආරම්භක වේගපන්දු යවන්නා වූ භුවනේෂ්වර් කුමාර් දැඩිපහරකමකට ලක්වූ අතර, ඔහු සිය පන්දුවාර 04 අවසන් කරන විට ඔස්ට්‍රේලියානු පිතිකරුවෝ ලකුණු 52ක් රැස්කර තිබුණි. තරගයේ වීරයා ලෙස කැමරන් ග්‍රීන් සම්මාන දිනා ගත්තේය.

(විශ්ව මුදියන්සේ)