මියගිය ජපාන හිටපු අගමැති අබේගේ අවමංගල වියදම නිසා දේශපාලන අවුලක්

Ad Code

මියගිය ජපාන හිටපු අගමැති අබේගේ අවමංගල වියදම නිසා දේශපාලන අවුලක්

japan-abe-funeral-issue

ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂෙන්සෝ අබේගේ රාජ්‍ය අවමංගල උත්සවය මුල්කොට ගනිමින් එරට දේශපාලනික අර්බුදයක් නිර්මාණය වී ඇති අතර, එම අවමංගල්‍යයට විරෝධය පළ කරමින් එක් විරෝධතාකරුවකු සිරුරට ගිනි තබා ගත් බවද වාර්තා වේ. හිටපු අග්‍රාමාත්‍ය ෂෙන්සෝ අබේ ඝාතනයට ලක් වූයේ පසුගිය ජූලි 8 වැනිදාය. එම අවස්ථාවේ ජපාන මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණු අතර, 67 හැවිරිදි ෂෙන්සෝ අබේ, වත්මන් අග්‍රාමාත්‍ය භූමියෝ කිපිඩා ට සහ ඔහුගේ පාලක ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයට සහාය දක්වමින්, මැතිවරණ රැළියකට සහභාගී විය. වෙඩි ප්‍රහාරයෙන් බරපතල ලෙස තුවාල ලැබූ අබේ රෝහල්ගත කිරීමෙන් පසු මියගියේය.

ජපානයේ දීර්ඝ කාලයක් අග්‍රාමාත්‍ය ධුරය හෙබවූයේ ද ෂෙන්සෝ අබේ ය. ෂෙන්සෝ අබේ විදෙස් නායකයන්ගේ පැසසුමට ලක්වුණත් ඔහුගේ ප්‍රතිපත්ති ජපන් වැසියන් ඇතැමෙකුගේ අප්‍රසාදයට හේතු වූ බවද පැවසෙයි. එම ඝාතනය තරයේ හෙලා දැකීමට වත්මන් අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා පියවර ගත්තේය. අග්‍රාමාත්‍යවරයා ඔහුගේ  අභිමතය පරිදි හිටපු අග්‍රාමාත්‍ය අබේ වෙනුවෙන් සැප්තැම්බර් 27 වැනිදා රාජ්‍ය අවමංගල්‍යයක් පැවැත්වීමට තීරණය කළේය. ඒ, ලෝක නායකයන්ට ඊට පැමිණෙන ලෙස ආරාධනා කරමින් සහ එම ඝාතනය තරයේ හෙලා දකින බව ලොවට පෙන්වමිනි. ඇමෙරිකා උප ජනාධිපතිනී කමලා හැරිස්, ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇත්තනි ඇස්බනීස් ඇතුළු රාජ්‍ය නායකයෝ එම අවමංගල අවස්ථාවට සහභාගී වෙති.

වත්මන් අග්‍රාමාත්‍ය කිමිඩා ඔහුගේ බලතල අවභාවිත කරමින්, ඔහුගේ අභිමතය පරිදි හිටපු අග්‍රාමාත්‍ය අබේ වෙනුවෙන් රාජ්‍ය අවමංගල්‍යයක් පැවැත්වීම සම්බන්ධයෙන්, විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලින් චෝදනා එල්ල විය. කැබිනට් මණ්ඩලය අභිබවා යමින් අග්‍රාමාත්‍ය කිෂිඩා ගත් තීරණය හේතුවෙන් විරෝධතා රැළියක් ද පැවැත්විණි. සිරුරට ගිනි තබා ගත්තේ ටෝකියෝ අගනුවර පැවැති එම විරෝධතා රැළියට එක්වුණු විරෝධතාකරුවෙකි. සිරුරට ගිනි තබා ගත් විරෝධතාකරු කඩිනමින් රෝහල් ගත කෙරුණි. 




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News


Close Menu