anjana-kulatunga-death

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සිව්වැනි වසරේ මනෝවේදී විශේෂ උපාධිය හදරාමින් සිටි අංජන කුලතුංග (23) අතුරුදන් ව සිට දින 5 කට පසු මහවැලි ග‍ඟ ඉවුරේ තිබී සිරුර හමුවූ අතර ඔහුගේ ලිපි සටහනකට අනුව මෙය සියදිවිනසාගැනීමක් බවට සැක කෙරිණි.
පැණිදෙණිය ප්‍රදේශයේ පිහිටි නවාතැන් පොළින් පිටවීමට පෙර සිසුවා විසින් ලියා තැබූ ලිපියක් හමුවූ අතර ඊට පෙර සන්ධ්‍යා කාලයේ ගම්පහ පදිංචි ඔහුගේ මවට ලබාදුන් අවසන් ඇමතුම සම්බන්ධයෙන්ද පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකවී තිබේ.


තම මවට හැමවිට දුරකථනයෙන් කතාකරන අංජන අවසන් ඇමතුම අවස්ථාවේදී ‘අම්මේ මට හරි මහන්සියි හිතට හරි කරදයි‘ යනුවෙන් පවසා ඇති නමුත්ෙ තමන්ගේ හිතට වද දෙන කාරනාව විස්තර කර තිබී නැත.
ඔහුගේ ප්‍රශ්නය ගැන අසන්නට මව නැවත නැවත දුරකථන ඇමතුම් ගැනීමේදී ඒවාට උත්තර ලැබී නැති අතර අතුරුදන් වන අවස්ථාවේ කෙටි ලිපියක් ලියා තැබූ අංජන නවාතැන් කාමරයෙන් ගොස් තිබුනේ දුරකථනයද තබාය.

ඔහුගේ මුදල් පසුම්බිය,ජංගම දුරකතනය,ලැප් ටොප් පරිගණකය හා ඇස් කණ්ණාඩි යුගල ඔහු නවාතැන් ගත් පැණිදෙණිය ප්‍රදේශයේ පිහිටි නිවසේ කාමරයෙන් සොයා ගැනීම නිසා මොහු දිවිනසා ගන්නට ඇතැයි තදබල සැකයක් ඇතිව තිබිණි.

 තමන් මහවැලි ගඟට යන බව කෙටි සටහනෙහි සඳහන් කර තිබීම නිසා පොලීසිය හා විශ්වවිද්‍යාල සිසුන් දින ගණනාවක් තිස්සේ මහවැලි ගඟ දෙපස පරීක්ෂාවට ලක්කරනු ලැබීය.
21 වැනිදා පස්වරුවේ මහවැලි ගඟේ හක්කිඳ දූපත් ආසන්නයේ තිබී මළසිරුර සොයාගෙන තිබේ.


සිසුවාගේ මළ සිරුර දින ගණනාවක් ජලයේ තිබීම නිසා ඉදිමී නරක් වී තිබීම නිසා එය හඳුනා ගැනීමට නොහැකි තත්ත්වයේ තිබූ බවත් විශ්වවිද්‍යාලය මගින් නිකුත් කළ නිල් පැහැති ටී ෂර්ට් එකක් හා දුඹුරු පැහැති කලිසමක් ඇද තිබූ පුද්ගල මළ සිරුරක් නිසා එය අදාළ සිසුවාගේ වන්නට ඇතැයි සැක කළ බවත් පොලීසිය පවසයි.
පසුව එම සිසුවාගේ දෙමව්පියන් පැමිණ මළ සිරුර හඳුනාගෙන තිබේ.සිසුවාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මහනුවර මහරෝහලේ තැන්පත් කර තිබූ අතර දියේ ගිලී මියයාමක් ලෙස හඳුනාගෙන තිබුණි.