
ටොෆි වර්ගයක් ආහාරයට ගැනීමට ගොස් ආසාත්මිකතාවයට ලක්වීම නිසා 5 වසර ශිෂ්‍යයත්ව විභාගයට පෙනී සිටීමට සූදානමින් සිටින සිසු සිසුවියන් නව දෙනකු අගලවත්ත පිඹුර රෝහලට ඇතුලත් කළ බව වාර්තාවේ.
කුඩලිගම මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් තිදෙනකු සහ ඔවුනගේ මිතුරු තවත් සිසුවියන් හය දෙනකු මෙසේ රෝහල් ගත කර ඇතැයි වාර්තා විය.
උපකාරක පන්තියකට යන අතර තුර විදුහල අසල තිබෙන වෙළඳසලකින් මෙම ටොෆි මිළදීගෙන කෑමෙන් පසු ආසාත්මික තත්වය මතුව ඇතැයි රෝහල් උපදෙස් මත පොලිසිය සිදු කළ විමර්ඔනයේදී අනාවරණය විය. අගලවත්ත පොලිසිය වෙළඳසැල වටළා ඉතිරිව තිබූ ටොෆි පොලිස් භාරයට ගෙන ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval