dehiwala-elephant-bandula-no-more

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ ‘බන්දුල’ නමැති අලියා ඊයේ (23 වැනිදා) අලුයම මියගියේය.
අඩි 9 ක් උසැති ‘බන්දුල’ අලියා මියයන විට 79 වැනි වියේ පසුවිය. දෙහිවල සත්වෝද්‍යානයේ පමණක් ඌ වසර 76 ක් ජීවත් වීම විශේෂිතය.

හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයත් සමග දෙපා අප්‍රාණිකව බිම ඇදවැටී තිබේ.

එහිදී සත්වෝද්‍යානයේ පශු වෛද්‍යවරුන් අලියාට ප්‍රතිකාර කරමින් බේරා ගැනීමට දැඩි උත්සාහයක නිරත වුවත් එය අසාර්ථක විය.

1946 වර්ෂයේදී අනුරාධපුර කැබිතිගොල්ලෑවේ කැලෑවක අලි රංචුවෙන් අමරමං ව සිටි මෙම අලියා වනජීවී නිලධාරීන් විසින් අල්ලා දෙහිවල සතුන් වත්තට භාරදී තිබේ. එවිට මෙම අලියාට වයස අවුරුදු 3ක් විය.

එවකට සත්වෝද්‍යානයේ අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කර ඇත්තේ මේජර් ඕබ්‍රි වයමන් මහතාය. ඔහු එදා ඒ මහතා අලියාව ආදරයෙන් භාරගෙන තිබේ.



අවුරුදු තුනක් වැනි කුඩා වයසේ සිට දෙහිවල සත්වෝද්‍යානයේ සේවකයන්ගේ ආදර රැකවරණයේ මත හැදුණු වැඩුණු ‘බන්දුල’ අලියා නරඹන්නන් අතරේද ජනප්‍රිය චරිතයක් බවට පත්වූයේය.

‘බන්දුල’ අලියා හවස්වරුවේ අලි නැටුම අවස්ථාවන්හිදීද ජනප්‍රිය විය.