Over-50-lakhs-of-property-has-been-looted-by-terrorizing-taxis-traveling-on-the-highway

කුලී ගමන් යන මුවාවෙන් ත්‍රිරෝද රථ රියැදුර රැගෙන ගොස් හා මාර්ගයේ ගමන් ගන්නා පුද්ගලයන්ට තියුණු ආයුධ එල්ල කර දේපළ කොල්ලකා පස්දෙනෙකුගෙන් යුත් සංවිධානාත්මක කල්ලියක් කොටිකාවත්ත කුඩා බුත්ගමුව නිවසකදී පෙරේදා (24දා) අලුයම අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු අපරාධ කොට්ඨාසය පවසයි.



සැකකාර අඹුසැමි යුවළ වයස අවුරුදු 18 හා 22 අතර පසුවන අතර අනෙකුත් සැකකරුවන් 29, 30 හා 39 පසුවන හවැල්ල, කොටිකාවත්ත, අම්පාර හා ඉගිනියාගල පදිංචිකරුවෝ වෙති. සැකකරුවන් අතර සිටින අඹුසැමි යුවළගෙන් කාන්තාව තමස් ගැබිනියක් බවත් ඇයගේ සැමියා වරත්තු ලබා සිටින තැනැත්තන් බවත් පොලීසිය සඳහන් කරයි.

එම කල්ලිය විසින් කොල්ලකන ලද රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනාකමින් යුත් දේපොළ අතර ත්‍රිරෝද රථ දෙකක්, ජංගම දුරකථන, ත්‍රිරෝද රථඋපාංග, ටයර්, අන් සතු රියැදුරු බලපත්‍ර, පවුමක් පමණ බර රන්මුදුවක් මෙන්ම කොල්ලකෑම සදභා යොදාගත් කඩු දෙකක්, උල් පිහියක් මෙන්ම කිණිස්සක්ද පොලිස් භාරයට ගෙන තිබේ. හවැල, මුල්ලේරියාව, වැලිකඩ හා මීගොඩ පොලිස් වසම්වල ඉකුත් මාස දෙකක පමණ කාලයක් තුලදී කුලී ගමන් යන මුවාවෙන් ත්‍රිරෝද රථ රියදුරන් රැගෙනවිත් හංවැල්ල ආටිගල, අඹතල් යන ප්‍රදේශවලදී ත්‍රිරෝද  රථ රියැදුරන්ට පහරදී ඔවුන් සතුව තිබෙන රන් භාණ්ඩ මුදල් මෙම ත්‍රිරෝද රථයද කොල්ලකන කණ්ඩායමක් පිළිබද ඒ ඒ පොලීසිවලට පැමිණිලි නවයක් ලැබී තිබූ බව පොලිසිය පවසයි.



සැකකරුවන්ගෙන් සිදුකළ දිර්ඝ ප්‍රශ්න කිරිමේදී එලෙස කොල්ලකන ලද තවත් ත්‍රිරෝද රථ තුනක වටිනා කොටස් ගලවා ගැනීමෙන් අනතුරුව එකී පොලිස් වසම්වල අත්හැර දමා ගිය බව ප්‍රකාශ කර තිබේ. සොරා ගන්නා ලද සියලුම දේපළ තොටළග, කොහිලවත්ත හා පිටකොටුව ප්‍රංශයවලට අඩු මුදලට අලවි කර තිබියදී පොලීසිය මගින් සොයාගෙන තිබේ. සැකකරුවන් හා සැකකාරිය හඳුනාගැනීමේ පෙරට්ටුවක් සදහා අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

 

(බණ්ඩාරගම - බිමල් ශ්‍යමන් ජයසිංහ)