trincomalee-harbour

යුද ගැටුම් හේතුවෙන් දශක තුනක් තිස්සේ නැවතී තිබූ ත්‍රිකුණාමලය වරායේ අපනයන මෙහෙයුම් කටයුතු ආරම්භ කරමින් පළමු ඉල්මනයිට් ඛනිජ වැලි තොගය රැගෙන පෙරේ (24දා දින පළමු නෞකාව චීනය බලා පිටත්ව ගියේය. ත්‍රිකුණාමල වරායෙන් මෙලෙස අපනයන කටයුතු සිදුවන්නේ , 1987 පසුව බවත්, මෙතෙක් සිදුවයේ ආනයන කටයුතු පමණක් බවත් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ත්‍රිකුණාමල නේවාසික කළමනාකරු සමන් පෙරේරා මහතා පැවසීය.



පුල්මුඩේ පිහිටි මිනරල් සෑන්ඩ් ලිමිටඩ් සමාගමට අයත් මෙට්‍රික් ටොන් 30,000ක පළමු ඛනිජ වැලි තොගය පිටත්ව යද්දී ඊළඟ බනිජ වැලි තොගය නැව්ගත කිර්මට වරාය අධිකාරි සංකීර්ණයේ පිහිටි ගබඩා සංකීර්ණයට පුල්මුඩේ සිට රැගෙන එමින් පවතින බවද නේවාසික කළමනාකාරවරයා පවසා සිටියේය. එසේම අපනයන මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමෙන් චීනය බලා පිටත්වූ පළමු නෙකාවෙන් පමණක් ත්‍රිකුණාමල වරායට ඩොලර් 250,000ක ආදායමක් ලැබුණු බවද ඒ මහතා ප්‍රකාශ කළේය.




පසුගිය කාලයේ ත්‍රිකුණාමලය වරායේ මෙහෙයුම් කටයුතු ආනයන  කටයුතුවලට පමණක් සීමා වී තිබූ අතර, පුල්මුඩේ මිනරල් සෑන්ඩ් ලිමිටඩ් සාමාගමට අයත් 'ඩෙල්ටා ස්ටර්' නමැති නැව ත්‍රස්තවාදීන් විසින් පුපුරුවා හැරීමෙන් පසු ත්‍රිකුණාමල වරායේ අපනයන මෙහෙයුම් කටයුතු නතර විය. අනතුරුව බනිජවැලි කටේනර් මගින් කොළඹ වරායෙන් අපනයනය කිර්ම ආරම්භ වූ අතර, එම සමාගමට විශාල පිරිවැයක් දැමට සිදු වී තිබේ.