
12.45pm
වැල්ලවාය මුස්ලිම් පල්ලිය අසළ පදිංචිව සිටි ඉකුත් 10 වැනිදා අතුරුදහන්වූ අවුරුදු පහක් වයසැති සෙත්මි අන්සිකා දැරිය බණ්ඩාරවෙල සතිපොළ අසළ සිටියදී වැල්ලවාය පොලීසිය විසින් සොයාගෙන තිබේ.
වැල්ලවාය ප්‍රදේශයේ කුලීවැඩ කරන දියතලාව ගුරුතලාව ප්‍රදේශයේ 25 හැවිරිදි තරුණයෙක් මෙම දැරියට යෝගට් එකක් ලබාදීමට යැයි පවසමින් දැරිය නිවසින් රැගෙන ගොස් ඇත. මෙම පුද්ගලයා එම පවුල සමඟ කිට්ටු සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය දින කිහිපයක සිට නිවසේ නතරව සිටින ‘සුද්දා’ නමින් හඳුන්වන උක්ගස් කැපීමේ නිරතව සිටින අයෙකි.
කෙසේවෙතත් පොලීසිය විසින් මෙම තරුණයා ඊයේ (11) සවස අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු දැරියව වැල්ලවාය නගරයට රැගෙන ගොස් බණ්ඩාරවෙල ප්‍රදේශයට යන බස් රථයකින් බණ්ඩාරවෙල සතිපොළට ගොස් එදින රාත්‍රී එහි ගතකර ඇත.
පසුදින උදේ ඇයව දියතලාව ගුරුතලාව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට කැඳවාගෙන යමින් සිටියදී බණ්ඩාරවෙල සතිපොළේදී ඔහු සහ දැරිය පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු විසින් දැරිය කිසියම් පුද්ගලයෙකුට මුදලට විකිණීම සඳහා සූදානම් කර තිබූ බවට පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval