
ලුනුගල ප්‍රදේශයේ පැහැර ගැනීමට ලක්වූ 14 හැවිරිදි දැරියක ඇගේ පෙම්වතා යයි කියන අය සහ තවත් පුද්ගලයින් තිදෙනකු සමග සිටියදී පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම පැහැර ගැනීම සම්බන්ධයෙන් පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව ලුණුගල පොලිසිය විසින් විශේෂ කාර්ය බළකාය වෙත කළ ඉල්ලීමකට අනුව මෙම විමර්ශනය සිදු කෙරිණි.
ලුණුගල උඩකිරුව රක්ෂිතයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකින් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
දින අටක් රක්ෂිත වනාන්තරය තුළ සිදු කළ සෝදිසි කිරීම්වලදී 14 හැවිරිදි දැරිය ලුණුගල සහ බේරුවල ප්‍රදේශවල පදිංචි පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු, 18 හැවිරිදි පිරිමි ළමයෙකු සහ 53 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු සමඟ සිටියදී සොයා ගත් බව පොලීසිය සඳහන් කළේය.
දැරිය වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා ලුණුගල රෝහල වෙත රැගෙන ගොස් ඇත.

Comments
Post a Comment
Your comment will be visible after approval