
අයහපත් කාලගුණික තත්ත්වය නිසා පීඩාවට පත්වසිටින මහජනතාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටපිරිස් ඒ ඒ ආපදාවට පත් ප්‍රදේශ වෙත යොමුකිරීමට යුද හමුදාපති ජෙනරල් විකුම් ලියනගේ උපදෙස් දී ඇත.
ඒ අනුව උලපනේ තවතන්තැන්න මාර්ගය නාය යාම නිසා පීඩාවට පත් පාසැල් සිසුන් සහ මහජනතාව එම ප්‍රදේශවලින් ආරක්ෂිතව ඉවත් කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාවේ 1 බලකායට අයත් 58 සේනාංකයේ 5 වන විජයබාහු රෙජිමේන්තු භට පිරිස් කටයුතු කළහ.
එසේම මොරපේ රන්වන්තලාව ප්‍රදේශයේ ඇති වූ ගංවතුර තත්ත්වය නිසාවෙන් අවතැන් වූ පිරිසක් බෝට්ටු මඟින් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කරවීමටත් එම භටපිරිස් කටයුතු කළහ.
එමෙන්ම දියගල විදුලිපුර ප්‍රදේශයේ ඇතිවූ නායයාමක් නිසාවෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයාගේ මළසිරුර සොයාගෙන එය නාවලපිටිය රෝහල වෙත භාරදීමට යුද හමුදාභට පිරිස් කටයුතු කළහ.

Comments
Post a Comment
Your comment will be visible after approval