tangalle-accident

තංගල්ල - හේනකඩුව පුරාණ විහාරය ආසන්නයේදී පෙරේදා (30දා) මෝටර් රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් දෙදෙනෙකු මියගොස් තිදෙනෙකු බරපතළ තුවාල ලබා ඇතැයි තංගල්ල මූලස්ථාන පොලීසිය පවසයි. තංගල්ල හම්බන්තොට ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් තිබූ මෝටර් රථය හේත්තකඩුව පුරාණ විහාරය

ආසන්නයේ ඇති නුග ගසක වැදීමෙන් මෙම අනතුර සිදුව තිබිණි. රන්ත වැලිආරේ පදිංචිව සිටි ලලිත් සුජිව (35) රන්ත නිදහස්ගම පදිංචිව සිටි සුරේෂ් උදයංග (30) මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව තිබේ. අනතුරෙන් බරපතළ තුවාල ලැබූ එක් අයකු කරාපිටිය ශිරා රෝහලේදී අනෙකුත් දෙදෙනා තංගල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.

අධික වේගයෙන් පැමිණ ඇති මෝටර් රථය රියැදුරාට වේගය පාලනය කිරිමට නොහැකි වීමත් මාර්ගය ආසන්නයේ ඇති නුග ගසක වැදී මෙම අනතුර සිදුව ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය පවසයි. තුවාල ලැබූවන් රත්න ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද පොලිසිය කියයි. තංගල්ල මූලස්ථාන පොලීසියේ රථවාහන අංශය අනතුර පිළිබද වැඩිදුර පරික්ෂණ පවත්වයි.